(ටී.කේ.ජී.කපිල )
ලොව පුරා පැතිර යන කොවිඩ් - 19 වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද 27 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .
අද රාත්‍රී 9.00 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1423 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම සිසුන් ඩකා නුවර රැදී සිටි ආකාරයට කුඩා කණ්ඩායම් වශයෙන් ගුවන් යානය තුළ ද අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් යානයෙන් පිටතට ගැනීම ද ඒ ආකාරයටම සිදු කෙරුණි .
ගුවන් තොටුපළ තුළ දී විශබීජ හරණයට ලක් කළ මෙම සිසුන් , පසුව කොවිඩ් - 19 රෝග ලක්ෂණ මෙම සිසුන් තුළ තිබේදැයි විමසා බැලීම ද සිදු කෙරුණි .
ඉන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථ මගින් මෙම සිසුන් රැගෙන යෑම සිදු කෙරුණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරහට කියනවා නොවෙයි. මේ යන්නේ අපේ ළමයි. රටේ සල්ලි වියදම් කරලා. ඒවගේම මේ අයගෙන් සැහෙන ගණනක් රජයේ හෝ සමාගම් වල ඉහල තනතුරු දරන්නන්ගේ ළමයි. කොහෙද මේ ඉගෙන ගන්න යන්නේ. බංග්ලාදේශයට , නේපාලෙට. ඒ ළඟ සැරේ ඉතියෝපියාවට, සුඩානෙට නොගියොත් පුදුමයි. අපේ රටේ දියුණු අධ්‍යාපන ආයතන හැදෙන එක වලක්වා මේ කසි කබල් අධ්‍යාපන කඩ ගානේ මේ අයව යවන්න රතු මල්ලිලත් වග කියන්න ඕනේ.
2019 දෙසැම්බර් වන විට ලොව පුරා අනෙක් රටවල් මේ සඳහා විද්‍යාත්මකව සුදානම් විය. නමුත් අපේ රටේ පාලකයන් පැවසුවේ නැනෝ තාක්ෂණයෙන් ගුවන් තොටුපොලෙන් වයිරසය රටට පැමිණීම නවතා ඇතිබවයි. ලංකාවේ විදේශ ඇමතිවරයාගේ කටින්ම එය පැවසීමද සියවසේ මහා විහිලුවකි. විද්‍යාත්මකව ගුවන් මගීන්ගේ ශරීර උෂ්ණත්වයෙන් පමණක් SARS-CoV-2 2019 වයිරසය ආසාදිත බව සොයාගත නොහැකි බව රටේ ගොන් පාලකයින් දැන සිටියේ නැත හෝ අසා සිටියේ නැත.
කොටි ත්‍රස්තවාදී යුද්ධය මෙන් කොරෝනා යුද්ධය ජය ගන්නා බව කීවද කොරෝනා යුද්ධය ජයගැනීමට රාජපක්ෂ ආණ්ඩුවට STRATEGY එසේත් නැතිනම් උපාය මාර්ගයක් නොමැති බව දැන් පැහැදිලිය. එකම උපාය මාර්ගය වී ඇත්තේ මැතිවරණය පැවැත්වීමට පමණි. රටේ කොරෝනා මර්දන ව්‍යාපාරය සඳහා රාජ්‍ය යාන්ත්‍රණය නිසිපරිදි යොදා නොගන්නා රජය ත්‍රිවිධ හමුදාව ඉදිරිපෙල තබා වීශේෂ දැනුම ඇති අය දෙවැනි පෙළ තබා කටයුතු කිරීම දැන්වත් නවතා දැමිය යුතුව තිබේ. ජනතාවට ඇසීම මගින් සෙතක් සිදුනොවේ. මේ වන විට ලංකාවට ලැබී ඇති රුපියල් බිලියනයකට ආසන්න ආධාර මුදල් මගින් SARS-CoV-2 2019 විනාඩි 15 වේ පරීක්ෂණ කට්ටල මිලියන 2.5 ක් වත් ලංකාවට ගෙන ආ යුතුය. එනම් ලංකාවේ ජනගහනයෙන් සියයට 10% වත් ජනතාව ප්‍රතිශතයක් ලෙස බහුලව ජීවත් වන ප්‍රදේශවල සිදු කළ යුතුව ඇත.
පසුගිය කාලය පුරා හදිසි බෝම්බ ප්‍රහාර වලට ලක්වුනා මෙන් ලංකාව පුරා රෝහල් වලින් කොරෝනා රෝගීන් අසත්‍ය ලිපිනයන් මගින් රෝහල් වල ලියාපදිංචි වීමෙන් රෝහල්වල කාර්ය මණ්ඩල සේවයෙන් ඉවත්කොට නිරෝධායනයට ලක් කිරීමට සිදුවිය. රජය සෑම රෝහලකටම රෝගීන් ඇතුලත් වීමේදී හෝ සායන වලට පැමිණීමේදී පරීක්ෂණ කට්ටල ලබා දුන්නේනම් එවැනි කරදර කිසිවක් සිදුනොවන්නට ඉඩ තිබුණි.
කොරෝනා නිසා ලංකාවේ වරප්‍රසාද ලාභී ඉහළ පන්තියක් බිහි වී ඇත. කොරෝනා ලංකාවට උදාකළ සත්‍යය මෙය පමණයි.