(තිළිණි ද සිල්වා)
ගොවිජන මන්දිරයේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි ඩී.පී.ජේ ගොඩනැගිල්ලට රැගෙන යෑමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය අනුව තමන් ක‍්‍රියාත්මක වූ බවත් එම ගොඩනැගිල්ල මාසික කුලියට මිලදී ගැනීම වන බදු ගිවිසුම ඉක්මනින් අත්සන් කිරීමට එවකට සිටිය කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක තමන්ට බලපෑම් කළේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශ හිටපු ලේකම් බී.විජයරත්න මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනත් ගොඩනැගිල්ලකට මාරු කිරීමට අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලයට කිසිදු කැමැත්තක් නොතිබූ බවත් පෙන්වා දුන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියේ අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන ගියේ පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභා කාර්යාල ගොඩනැගිල්ල පාර්ලිමේන්තුවෙන් දිගින් දිගටම ලැබුණු ඉල්ලීම නිසා යැයිද පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් මිලියන 21 මාසික කුලියකට රාජගිරිය ඩී.පී.ජේ ගොඩනැගිල්ල ගෙන යාමෙන් රජයට පාඩු සිදුව ඇඇයි කියමින් එම කොමිසම හමුවේ ගොනු වී ඇති පැමිණිලි විභාගයට අදාළව සාක්කි ලබා දෙමින් හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සඳහන් කළේය.
ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරත් සාක්කි දුන් විජරත්න මහතා කියා සිටියේ බත්තරමුල්ලේ පිහිටි සුහුරුපාය ගොඩනැගිල්ලට නැවත පදිංචියට යාමේ හැකියාව කෘෂිකර්ම අමාත්‍යාංශශය විසින් සොයා බැලිය යුතු බව සඳහන් කරමින් අග‍්‍රාමාත්‍යවරයා 2015 සැප්තැම්බර් 21 වන දින කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළද එය ක‍්‍රියාත්මක නොවූ බවය.
අමාත්‍යාංශයට සුදුසු ගොඩනැගිල්ලක් සොයා බැලීමට අගමැතිගේ ලේකම් සමන් ඒකනායකගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළද ඒ පිළිබඳව තමා කිසි විටෙකත් දැනුවත් නොවූ බවත් පසුව අගමැති ලේකම්වරයා තමන්ට දුරකථනයෙන් කතා කර ඔවුන් ඩී. පී.ජේ ගොඩනැගිල්ල අමාත්‍යාංශය සඳහා තෝරා ගත් බව දැනුම් දුන් බවද හෙතෙම කොමිසමට දන්වා සිටියේය.
මෙම ගොඩනැගිල්ල පරීක්ෂා කර බැලීමට තමන් එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ ගොඩනැගිල්ලට ගියද එම ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් පවතින බවත් එය අමාත්‍යාංශයකට සුදුසු වන පරිදි සැකසීමට විශාල මුදලක් වැය කළ යුතු බව ඔවුන් වටහා ගත්තේ යැයිද විජරත්න මහතා පැවසීය.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා බදු ගිවිසුම් වලට අත්සන් තැබීමේදී ගිවිසුමේ අවසාන අනුවාදය නීතිපති වෙත නොයැවූයේ මන්දැයි කොමිසමේ සභාපති විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සාක්ෂිකරුගෙන් ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඊට පිළිතුරු දැක්වූ විජයරත්න මහතා පැවසුවේ නීතිපතිවරයා විසින් නිරීක්ෂණ පහක් සිදුකොට ඇති හෙයින් එම අවබෝධය අනුව කටයුතු කළ විනා ගිවිසුම නැවත නීතිපති වෙත යැවීමේ තමන් කටයුතු නොකළ බව කොමිසම හමුවේ පිළිගත්තේය.
එසේම අමාත්‍යාංශය සඳහා පස් අවුරුදු බදු ගිවිසුමකට අනුව මිළඳී ගත් ගොඩනැගිල්ල බෙදුම් නඩුවකට යටත් දේපළක් බවට තමන් නොදැන සිටි බවද හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා කොමිසම හමුවේ පිළිගන්නා ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුමානයක් නැහැ.. කෝටිගාණක කොමිෂන් එකක් ගහන්න ඇති...
සක්සුදක් සේ පැහැදිලියි නේද වෙලා තියෙන දේ? මිනිස්සු මෝඩයෝ නෙමේ. නමුත් වැඩේ තියෙන්නේ කාටවත්ම මොනවත් වෙන්නේ නැහැ. අලුත් ආණ්ඩුවක් ආවොත් එ්කට හෙත්තු වේවි.