(ඩයනා උදයංගනී)
ගුවන් විදුලි ඒ ශ්‍රේණියේ ගායන ශිල්පිනියක, ටවර්හෝල් නූර්ති නාට්‍ය ශිල්පිනියක මෙන්ම චිත්‍රපට රංගන ශිල්පිනියක වූ සූරියරාණි පෙරේරා මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
රූකඩ හඬ කැවීමේ ශිල්පිනියක ද වූ ඇය මියයන විට 81 වැනි වියෙහි පසුවූවාය.
ප්‍රකට ටවර්හෝල් රංගන ශිල්පීන් දෙපලක් වූ එල්.කේ සෝමකාන්තා සහ ටී විල්බට් පෙරේරාගේ වැඩිමහල් දියණිය වූ ඇය අභාවප්‍රාප්ත ගායන ශිල්පී ටී. ෂෙල්ටන් පෙරේරා මහතාගේ සහ රංගන ශිල්පිනියක මෙන්ම නිවේදිකාවන වන කුමාරි පෙරේරා මහත්මියගේ සොහොයුරිය ද වේ.
රංගන ශිල්පිනී කුසුම් පෙරේරා මහත්මියගේ මව ද වන සූරියරාණි පෙරේරා මහත්මිය ‘සාරවිට’, ‘දරු දුක’, ‘සැපත සොයා’, ‘වෙසතුරු සිරිත’, ‘සාරභූමි’ ඇතුළු චිත්‍රපට ගණනාවකට සහ ‘විදුර’, ‘සිවම්මා ධනපාල’, ‘වෙස්සන්තර’, ‘රොඩී කෙල්ල’, ‘අම්බපාලි’, ‘ශ්‍රී වික්‍රම’, ‘පද්මාවතී’ ඇතුළු ටවර් හෝල් නාට්‍ය ගණනාවකට රංගනයෙන් දායක වූවාය.
ඇගේ දේහය බොරැල්ල සුප්‍රීම් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී අනිද්දා (12) පස්වරු 3.00ට සිදුකෙරේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ටවර්හෝල් නූර්ති නාට්‍ය ශිල්පිනියක වූ සූරියරාණි කළුරිය කරයි
කල්පනා Monday, 10 October 2022 04:29 PM
අජරාමර නිවන්සුව ලැබේවා...!!!
Demuni Uduwara Tuesday, 11 October 2022 04:29 AM
එතුමියට උතුම් නිවන් ලැබේවා!
Hemantha kumara Tuesday, 11 October 2022 08:39 AM
නිර්වානය ශාත් ශාත් වේවා !.
SUNIL MILANO Tuesday, 11 October 2022 11:58 AM
ඔබතුමිය තම මව්බිම වෙන්නෙවන් කළ සේවයට හිස නමා ගෞරව කරන අතර අජරාමර උතුම් වූ නිවන්සම්පත්තිය ලැබේවා කියා පතමි.