
(යොහාන් භාසුර, සුමිත් පොතුපිටිය සහ උපුල් හේරත්)
ශ්රී ලංකා ‘ටෙලිකොම්’ සමාගම පෞද්ගලිකරණය කිරීමට රජය කළ යෝජනාවට එරෙහිව එම සමාගමේ සේවකයන් කොළඹ කොටුවේ පිහිටි ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට සහ රට පුරා ටෙලිකොම් උප කාර්යාල ඉදිරිපිට අද (25) විරෝධතා පැවැත්වූහ.
ශ්රී ලංකා ‘ටෙලිකොම්’ වෘත්තිය සමිති පවසන්නේ ලාභ ලබන රාජ්ය ආයතනයක් වන ‘ටෙලිකොම්’ සමාගම විකිණීමට විරුද්ධ බවත් රජයට එම සමාගම විණීමට ඉඩ නොතබන බවත්ය.

උපුල් හේරත්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම පසුගිය දවසක ඔය කියන ටෙලිකොම් එකේ කාර්යාලයකට ගියා.. ඇත්තටම කලකිරුණා ඒකෙ ඉන්න අය හිතාගෙන ඉන්නේ අපි ටෙලිෆෝන් වලට බිල් නොගෙවා කතාකරනවා කියලා වෙන්ටැති කිසිම සුහද බවක් නැහැ. හරියට රාජ්ය බැංකුවකට ගියාම වගේ. මුහුණේ හිනාවක්වත් නැහැ. එපාවෙනවා. මෙවා ඇත්තටම පුද්ගලීකරණය වෙන්න ඕනෑ ඔය නිසා තමයි. එතකොට වෙනත් ආයතන එක්ක මෙයාලාට තරග කරන්න වෙනවා. එතකොට ඔය සෙල්ලම් බැහැ. සේවය හරියටම කරන්න වෙනවා මගේ මතය නම් මේවා පුද්ගලීකරණය වියයුතුයි..
රටේ පද්ධතියම විනාශ වෙලා තියෙන කොට එකක් පමණක් කොහොමද නිවරැදි වෙන්නේ..? ටෙලිකොම් එකත් එසේමයි. ඒත් ඒවා අදානිට විකුණා ඩොලර් ගත්තාම හරිද? වැරැදි ඇති නම් ඒවා නිවැරැදි කරගත යුතුයි...
කිසිම සේවයක් වෙන්නේ නැති තැනක්... ඉක්මණින් විකිණීමට කටයුතු කළ යුතුයි.
ඒක විකුණන්න...
පාවිච්චියක් නැති ඒවටත් මේ අය බිල් ගහනවා... කස්ටමර් සර්විස් එකට කරලා වැඩක් නැහැ.
විකුණන්න ඕනේ ඔය බඩ කැවුතු ඔක්කෝම...
හොරුටික තමයි ඔය පාරේ දගලන්නෙ
අපිට නම් ප්රයිවෙට් කරත් නැතත් එකයි. අපිට කොහොමත් ඕකෙන් සහනයක් නැහැනේ.