IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍රම්ප් සරාගීව සිපගන්නා ඡායාරූපයක් සමාජ මාධ්‍ය කළඹමින් සංසරණය වේ.

මෙලෙස සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඡායාරූපය ගත් දිනයක් සටහන් නොවන අතර බේස් බෝල් ක්‍රීඩා තරඟයක් අතරතුර ඩොනල්ඩ් ට්‍රම්ප් සිය බිරිඳ වන මෙලනියා ට්‍රම්ප්ව සරාගීව සිපගන්නා අයුරු එහි දැක්වේ. මෙම ඡායාරූපයට ප්‍රශංසා මෙන්ම විවේචනද මිශ්‍රව ලැබී ඇති අතර "මේ තමයි අපේ ජනාධිපති" යැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඩොනල්ඩ් ට්‍රම්ප් වර්ණනා කරද්දී "ඇයට හුස්ම ගැනීමට වත් ඉඩක් දී නැහැ" යැයි පවසමින් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් සිප ගැනීම විවේචනයට ලක් කර ඇත.

ජනාධිපති ආර්යාව ලෙස මෙලනියා ට්‍රම්ප් ධවල මන්දිරයට ගියත් ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඇය අතර සම්බන්ධතාවය දුරස් වෙමින් පවතින බවට මාධ්‍ය වාර්තා කරමින් සිටින මොහොතක මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය කළඹමින් සිටින බව ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් පවසයි. කෙසේ නමුත් ඡායාරූපය ගත් දිනයක් මෙතෙක් තහවුරු කර නොමැති අතර දෙදෙනා සමීප වෙමින් සිටින බව පෙන්වීමට මෙවැනි ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදා හැරියා විය හැකි බවද ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රකාශ කර ඇත.



අදහස් (3)

ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි

අමල් Sunday, 22 December 2024 06:58 AM

ඒකට අපි, මදැයි බලාගෙන හිටියා, තඹුත්තේගම අනුර, පුංචි අම්මාට හාද්දක් කෙසේවෙතත් වඳිනවා බලන්න, දිවුරුම් දෙන දවසේවත් !

:       50       76

දලුවගෙදර Sunday, 22 December 2024 08:35 AM

මේවා ලංකාවෙ අපිට මොනවාද?

:       31       9

ජිල්බු Sunday, 22 December 2024 10:01 AM

මෙන්න ලංකාවේ සංස්කෘතිය, සාරධර්ම, ආතරයිටිස්, කුඹුරු ඉඩම් වලට හානිකරනවෝ...!

:       40       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site