ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආන්දෝලනයට තුඩු දුන් බදු සහ වියදම් සම්බන්ධ නව පනත් කෙටුම්පතට, එරට කෙංග්‍රසයේ (පාර්ලිමේන්තුව) අනුමැතිය හිමි විය. ඒ දින දෙකක් තිස්සේ, පැවැති වාද විවාදවලින් අනතුරුවය.
පනත් කෙටුම්පතට අනුමැතිය හිමිවූයේ සුළු බහුතරයකිනි. ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන්ගෙන් පවා පනත් කෙටුම්පතට විරෝධයක් එල්ල වීම විශේෂත්වයකි.
අවසන් ඡන්ද විමසීමේදී 218-214 ක් ලෙස මෙම පනත් කෙටුම්පත සම්මත වූ අතර, පසුව ට්‍රම්ප්ගේ අත්සන ඊට හිමිවිය.
ට්‍රම්ප් මෙම නව පනත් කෙටුම්පත හඳුන්වා දී තිබුණේ ‘ඒක හරිම සුන්දර පනත් කෙටුම්පතක්’ යනුවෙනි. මෙම පනත් කෙටුම්පත මගින් ජාතික ණය ඉහළ නංවන අතර, සෞඛ්‍ය සහ සුබසාධන වෙනුවෙන් මුදල් යෙදවීම අඩු කෙරේ. ඊට අමතරව, ආගමන විරෝධී වැඩසටහන් සඳහා අරමුදල් වැඩි කෙරේ.
පනත් කෙටුම්පත සමම්ත කර ගැනීම ට්‍රම්ප් දේශපාලනික වශයෙන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව ඇමෙරිකන් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
(ඒ.එෆ්.පී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ට්‍රම්ප්ගේ පනත් කෙටුම්පතට අනුමැතිය