
(ටී.කේ.ජී.කපිල)
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කර ඇති තීරු බදු ප්‍රතිපත්තියට එරෙහිව ශ්‍රී ලංකාවේ පැවැත්වූ පළමු විරෝධතාවය සහ උද්ඝෝෂණය, නිදහස් වෙළෙඳ කළාප සහ පොදු සේවක සංගමයේ කටුනායක ස්ටාර් ගාමන්ට් ශාඛාවේ සේවක සේවිකාවන් විසින් කටුනායක නිදහස් වෙළෙඳ කළාප ප්‍රධාන පිවිසුම ඉදිරිපිට දී අද (13) දින පස්වරුවේ පැවැත්වීය.
ට්‍රම්ප් විසින් පනවා ඇති තීරු බදු නිසා ස්ටාර් ගාමන්ට් ඇගලුම් කර්මාන්තශාලාවේ සේවකයින් වෙත වසර ගනනාවක සිට ලබා දෙන නිල ඇදුම් , වාර්ෂික විනෝද චාරිකාව, වාර්ෂික ක්‍රීඩා උත්සවය , වාර අවසාන සුහද හමුව සහ වසරේ ජනවාරි මස 01 දින සෑම සේවකයෙකුටම ලබා දෙන ත්‍යාගය ඇතුළු සුභ සාධක දීමනා ආයතන පරිපාලනය විසින් කපා හැර ඇති බව ද විරෝධතාකරුවෝ පැවසූහ .
එසේම මෙම තීරු බදු නිසා ඇමෙරිකානු වෙළෙදපොළ වෙත යැවෙන භාණ්ඩ වල මිළ ගනන් ඉහළ යන අතර, එනිසා ඒවා මිළදී ගැනීම අඩු වී , ඒවායේ අලෙවිය පහත වැටෙන බවත් , එහි ප්‍රතිඵලයක් ලෙස කර්මාන්තශාලා වසා දැමීමට සිදු වන බවත් , මෙම විරෝධතාකරුවන් ඇමතූ නිදහස් වෙළෙඳ කළාප සහ පොදු සේවක සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් මහතා පැවසීය .
එහි අවසාන ප්‍රතිඵලය ලෙස මෙම තීරු බදු ප්‍රතිපත්තිය නිසා ශ්‍රී ලංකාවේ ඇගලුම් ක්ෂේත්‍රයේ 16,000 කට පමණ රැකියා අහිමි වීමේ අවධානමක් මතු වී ඇති බව මෙම ක්ෂේත්‍රයේ පර්යේෂණ ගනනාවක් සිදු කළ පර්යේෂකයන් තමන් සමග පැවසූ බව ඇන්ටන් මාකස් මහතා පැවසීය .
එනිසා මෙම බදු පිළිබදව සාකච්ඡා කිරීම සදහා රජයෙන් තමන් අවස්ථාවක් ඉල්ලා සිටිය ද රජය වෘත්තීය සමිති සමග මේ පිළිබද සාකච්ඡා සදහා නොකැදවා හාම්පුතුන් සමග සාකච්ඡා කරමින් සිටින බවට චෝදනාවක් ද කළේය .
මෙම සේවක විරෝධතාවය සදහා කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවක සේවිකාවන් 500 ක් පමණ සහභාගී වී සිටියහ .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ට්‍රම්ප් හොඳටම බය වෙලා ඇත්තේ.. බේබිට හෙටක් හදන්නනේ මේ අව්වේ වේලෙන්නේ...
අපි බදු ගහන්නේ අපිට ඕනෑ විදිහට වගේම ඇමෙරිකාව බදු ගහන්නේ එයාලාට ඕනෑ විදිහට. දීලා තියෙන ඒවාටත් කෙලවාගන්නේ නැතිව වැඩකරනවා.
කවුද අප්පා මේ හරක් රංචුව !
ලංකාවේ නිෂ්පාදන හොද නම් තීරුබදු ගෙවන්නේ ඇමෙරිකන් පාරිභෝගිකයයි. ආනයන කරන්නාගෙන් අයකරන තීරුබදු නිසා බඩුවල මිල වැඩිවෙලා තියෙන්නේ. සමහර විට විකිණෙන ප්‍රමාණය අඩුවෙන්න ඉඩතියෙනවා.
ස්ටාර් ගාමන්ට් එකේ පරිපාලනයට විරුද්දව මේක කරන්නේ ? රජයෙන් කිව්වනෙ ට්‍රම්ප් බදු ගහපු එක සේවකයන්ට ගැටලුවක් වෙන්නෙ නෑ කියලා. ඒ උනාට ආයතනයෙ පරිපාලනය විසින් සේවකයන්ට මෙතෙක් දුන් වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් තමයි මේ උද්ඝෝෂණ තිබ්බෙ.