IMG-LOGO

‘ට්‍රම්ප් වසර 10 ක් ආදායම් බදු ගෙවා නැහැ‘

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගතවූ වසර 15 ක කාලයෙන් වසර 10 කදී ආදායම් බදු ගෙවා නැතැයි එරට ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

ආදායම් ඉපැයීම් හා ලැබීම් පිළිබඳ වාර්තා මෙන්ම ආදායම් බදු ගෙවීම් යනාදී වාර්තා උපුටා දක්වමින් ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත එම අනාවරණය කර තිබේ.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතට අනුව ඇමෙරිකානු ජනාධිපතිවරයා 2016 සහ 2017 වසරවලදී ෆෙඩරල් ආදායම් බදු ලෙස ඇමෙරිකානු ඩොලර් 750ක මුදලක් ගෙවා ඇත.

අවසන් වසර 15න් වසර 10කදී ඇමෙරිකානු ජනාධිපතිවරයා ආදායම් බදු ගෙවා නැති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කළේ ඊයේ (27), එනම් ඉරිදා ය. ආදායම් බදු නොගෙව්ව ද ඇමෙරිකානු ජනාධිපතිවරයා 2018 වසරේදී ඔහුගේ රූපවාහිනි වැඩසටහන්වලින්, අනෙකුත් ව්‍යාපාරික ඇතුළු කටයුතුවලින් සහ බලපත්‍රලාභී ගිවිසුම්වලින් පමණක් උපයා ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 427.4කි.

ෆෝබ්ස් සඟරාවේ නවතම ඇස්තමේන්තු කිරීම්වලට අනුව ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.1ක් වන අතර කොරෝනා වසංගත සමයේදී එය ඇමෙරිකානු ඩොලර් බිලියන 1ක් දක්වා අඩු වී තිබේ.
 
ඇමෙරිකානු ජනාධිපතිවරයා වසර ගණනාවක් තිස්සේ සිය බදු වාර්තා ප්‍රසිද්ධ කිරීම ප්‍රතික්ෂේප කළේය. ජනාධිපති ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපයට එරෙහිව අවස්ථා කිහිපයකදීම නීතිමය පියවර ගැනීමට උත්සාහ කළ ද සිය බදු වාර්තා හා ආදායම් විගණනය වන බව කියමින් ඔහු ඉන් මඟ හැරියේය.
 
සිය ව්‍යාපාර ජාලය පාඩු ලබන බව කියමින් සිය බදු ගෙවීම් අඩු කරගැනීමට ජනාධිපති ට්‍රම්ප් අවස්ථා කිහිපයකදීම සමත්ව ඇතැයි ද නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
 
සිය ව්‍යාපාර 2018 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 47.4ක් පාඩු ලැබූ බව ජනාධිපති ට්‍රම්ප් පැවැසුවද ඔහුගේ ව්‍යාපාර එම වසරේදී ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 434.9ක් උපයා ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
 
ඒ.එෆ්.පී./රොයිටර්
(055)



අදහස් (0)

‘ට්‍රම්ප් වසර 10 ක් ආදායම් බදු ගෙවා නැහැ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site