IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ට්‍රම්ප් මිණිපිරියත් මැතිවරණ වේදිකාවේ

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැති රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනයේදී, ට්‍රම්ප්ගේ මිනිපිරිය කායි මැඩිසන් ට්‍රම්ප් ද වේදිකාවට පැමිණි, ට්‍රම්ප් පිළිබඳ ගුණ කථනයක් පැවැත්වීය.

17 හැවිරිදි කායි මැඩිසන් ට්‍රම්ප් යනු, ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පුතකු වන ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර්ගේ වැඩිමල් දියණියයි. කායි වේදකාවට කැඳවීම සිදු කළේ පියා ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර්ය.

‘රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනය ඇමැතීමට ඇයට අවශ්‍ය බව ඇය මට කීවා. සීයා ගැන මොනවද කියන්න තියෙනවා ඇය මට කීවා. ඔන්න ඉතිං, ඔබ සැම අමතන්න, මම ඇයට ආරාධනා කරනවා.’ යැයි ඩොනල්ඞ් ට්‍රම්ප් ජූනියර් පවසද්දී, කායි ට්‍රම්ප් වේදිකාවට පැමිණියාය. ඒ, කාගේත් අත්පොළසන් හඬ මැදය.

‘මම කැමතියි මගේ සීයා (ඩොනල්ඞ් ට්‍රම්ප්) ගැන යමක් කියන්න. අනෙක් අය නොදන්නා දේ කියන්න. මගේ සීයා අනෙක් සීයලා වගේ තමයි. එයා මට හුඟක් ආදරෙයි. නිතරම මා ගැන සොයා බලනවා. මගේ සීයා පසුගිය කාලයේ හුඟක් කරදරවලට මුහුණ දුන්නා. පසුගිය දා වෙඩි ප්‍රහාරයකින් බේරුණා. මොන කරදර ආවත් මගේ සීයා තවමත් නොසැලී ඉන්නවා.  රිපබ්ලිකන් පක්ෂ සම්මලෙනය ම් විදියට අමතන්න ලැබීම මට ගෞරවයක්. රට වෙනුවෙන් හාඳම ද් කරන්නයි මගේ සීයා උත්සාහ ගන්නේ. යළි ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ තැනක් කරන්න එයාට පුළුවන්’ යැයි කායි ට්‍රම්ප් පැවැසුවේ රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ ඔල්වරසන් මැදය.

රිපබ්ලිකන් පක්ෂ ජාතික සම්මේලනයට ට්‍රම්ප්ගේ දරු දැරියන් පමණක් නොව, ඔහුගේ වත්මන් බිරිඳ මෙලානියා ට්‍රම්ප් ද සහභාගී වූවාය. මෙලානියා, ට්‍රම්ප්ගේ තෙවැනි බිරිඳය.



අදහස් (2)

ට්‍රම්ප් මිණිපිරියත් මැතිවරණ වේදිකාවේ

de silva Friday, 19 July 2024 02:28 PM

දැන් ඇමරිකාවෙත් ක්‍රියාත්මක වෙන්න යන්නේ අපේ රජපවුල ක්‍රියාත්මක කල ආකාරයේ ක්‍රමයක්.., බලමුකෝ මොකද වෙන්නේ කියලා, අන්තිමට මෙහේ වගේ එහෙත් අරගලයකින් මේ සෙල්ලමේ අවසානේ සිදු වුනොත් දහස් ගණනක් මනුෂ්‍ය ජීවිත විනාශ වෙනවා. එහෙ හැමකෙනා ළඟම තුවක්කු තිබෙන නිසා...

:       25       16

වීර Friday, 19 July 2024 04:37 PM

පවුල් වාදයට ගියොත් අපි ඇමරිකාවට ණය දෙන්නේ නැහැ. මීට ශ්‍රී ලංකාව...!

:       1       18

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site