IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


ට්‍රම්ප් කුණු ලොරියක් පදවයි

ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කුණු ලොරියක් පදවමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට මෙන්ම වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ද අපහාස කළේය.

ට්‍රම්ප්, සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවකින් ද සැරැසී කුණු ලොරිය පැදවූයේ, විස්කොන්සින් ජනපදයේ, ග්‍රීන් බේ නුවර, ඔස්ටි්‍රන් ස්ට්‍රවුබල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට සිය ගුවන් යානයෙන් පැමිණීමෙන් පසුවය. ට්‍රම්ප්, විස්කොන්සින් පැමිණියේ ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන අවසන් ජන රැලියක් ඇමතීම සඳහාය.

ගුවන් යානයෙන් පිටතට පැමිණි ට්‍රම්ප් කුණු ලොරියට ගොඩවූයේ ට්‍රම්ප් දැක ගැනීමට ගුවන්තොටුපොළට රැස්ව සිටි මාධ්‍යවේදීන් බලා සිටිද්දීය. කුණු ලොරියේ, ට්‍රම්ප්ට ඡන්දය දෙන්නැයි පෙන්වන ප්‍රචාරක ස්ටිකර් අලවා හැඩ ගන්වා තිබුණි.

කුණු ලොරිය රවුම් කිපයක් ධාවනය කර, මාධ්‍යවේදීන් අසලට පැමිණ ට්‍රම්ප්, රියදුරු අසුනේ සිට මාධ්‍යවේදීන්ට ප්‍රකාශයක් දුන්නේය.  ප්‍රතිවාදී ඩිමොක්‍රටික් ජනාධිපති ධුර අපේක්ෂිකා උප ජනාධිපතිනී කමලා හැරිස්ට සහ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ට ට්‍රම්ප් අපහාස කළේ එම අවස්ථාවේදීය.

ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන 5 වැනිදා පැවැත්වෙයි. මේ වනවිට ට්‍රම්ප් මෙන්ම කමලා හැරිස් ද ඔවුන්ගේ අවසන් මැතිවරණ රැලිවල නියැලෙමින් සිටින බව පැවැසෙයි. එවැනි එක් රැලියකදී කමලාට සහාය දක්වමින් ඊට එක් වුණු වත්මන් ජනාධිපති ජෝ බයිඩන්, ට්‍රම්ප් සහ ට්‍රම්ප්ගේ ආධාරකරුවන් වැඩකට නැති ‘කසල’ යැයි හඳුන්වා දුන්නේය. ට්‍රම්ප්ගේ කෝපයට මෙය හේතුවක් විය.

‘ඔව්, අපි කසල තමයි, මම මේ කුණු ලොරිය පදවන්නේ ඒ නිසයි’ යැයි ට්‍රම්ප් කුණු ලොරියේ රියදුරු අසුනේ සිට මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළේය. ඉන්පසු ට්‍රම්ප්, විස්කොන්සින් ජන රැලියකට සහභාගී වූ අතර, එහිදී ද ඔහු සනීපාරක්ෂක සේවකයකු මෙන් ජැකට්ටුවෙන් සැරැසී සිටියේය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (3)

ට්‍රම්ප් කුණු ලොරියක් පදවයි

පිටරටවැසියා Thursday, 31 October 2024 10:23 AM

පුතාණෝගේ බස් එලවිල්ල මතක් වුණා. ඊට පස්සේ පුංචි ළමයින්ට රැස්වීමේදී මිත්‍රවරුණි කියලා ආමන්ත්‍රණය කරන එකත් මතක් වුණා. සිඟිති ආතල්.

:       106       63

වික්‍රම විදුරThursday, 31 October 2024 02:33 PM

යකෝ බලං යද්දි පුතානෝ දිහා බලාගෙන නේ ඇමරිකාවත් හැදෙන්නේ.

:       36       21

de silva berlin Thursday, 31 October 2024 02:20 PM

ට්‍රම්ප් යනු ඇමරිකාවේ හිටපු අනෙක් ජනාධිපතිවරු සමඟ සන්සන්ධනය කරන කොට විනයෙන් ඉතා අඩු , දිගට හරහට නීතිය කඩන තනිකර කුණු ගොඩකි. ලංකාවේ දේශපාලුවන් සහ ට්‍රම්ප් අතර විශාල වෙනසක් නැත.

:       33       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 565 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17366 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site