IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’

(ආරියරත්න  රණබාහු)

උපකාරක පන්ති තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක  අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසීය.

අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු කරන වෙනස්කම් පිළිබඳව  රජය දැඩි අවධානයෙන් කට යුතු කරන බවත් ක්ෂේත්‍රයේ පුද්ගලයින් සමඟ සාකච්ඡා කර ස්ථිරසාර තීන්දුවක් ගැනීමට නියමිත බවත් හෙතෙම කීය

ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් අධ්‍යාපනය නවීකරණය සහ පුළුල් කීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයි ද ඔහු පැවසීය.

විභාග ක්‍රමය ඇතුළු සමස්තය සම්බන්ධයෙන් වෙනසක් කිරීමට බලාපොරොත්තු වන්නේ විධිමත් සාකච්ඡාවකින් අනතුරුව බවද ඇමතිවරයා සඳහන් කළේය

ඇමතිවරයා  මෙම කරුණු පැවසුවේරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති කැබිනට් තීරණ  දැනුම්  දීමේ මාධ්‍ය හමුවේදීය. 



අදහස් (5)

’’ටියුෂන් තහනම් කරන්න තීරණයක් ගෙන නෑ’’

amila Tuesday, 26 November 2024 05:39 PM

පෞද්ගලික පන්ති තහනම් කරනවා නම් මව්පියන්ට ගොඩක් සතුටුයි මොකද ඔවුන්ගේ වැටුප් වලින් සියයට 30 ක් පෞද්ගලික පන්ති සහ ප්‍රවාහන කටයුතු වලට වැයවෙනවා

:       0       0

kapila Tuesday, 26 November 2024 05:42 PM

ටිව්ෂන් කියන්නේ මේ රටට විනයක්. මේක අහිංසක දෙමව්පියන්ට මහා බරක්. ටිව්ෂන් මේ රටින් අතුගා දැමිය යුතුයි.

:       0       2

මැක්ස් Tuesday, 26 November 2024 06:50 PM

සැකයක් නැත. ටියුෂන් වුවදුර නිරුපද්‍රිතව පමණක් නොව තවත් වර්ධනය වී පවතිනු ඇත. බොහෝ ටියුෂන් ගුරුවරු ජවිපෙ අතවැසියන් නිසායි.

:       0       3

Paviru Tuesday, 26 November 2024 08:14 PM

එය හොඳ තීරණයක්

:       0       0

sanga Wednesday, 27 November 2024 01:23 AM

ටියුෂන් ගුරුවරු එක්ක සාකච්ඡා කර අධ්‍යාපන ක්‍රමය හදන්න බලාපොරොත්තු වෙනවා නම් මරේ මරු. එහෙම නම් ගමේ කසිප්පු මුදලාලිලා එක්ක සාකච්ඡා කර මත්පැන් අලෙවි ප්‍රතිපත්තිය හදමු. දොස්තර මුදලාලිලා එක්ක සාකච්ඡා කර සුව සේවා ප්‍රතිපත්තිය හදමු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site