(ඩයනා උදයංගනී)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී ට්‍රැක්ටර් ටයරයක් හිසෙහි වැදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ පසිඳු හිරුෂාන් සිසුවා මාස තුනකට පසු සුවය ලබා ඊයේ (11) රෝහලෙන් පිටව ගොස් තිබේ.
එම සිසුවා හිසට සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ පසිඳු දින 98ක් පමණ එහි ස්නායු ශල්‍ය ඒකකයේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය.
මාස තුනකට පමණ පසු නිවසට පැමිණි පසිඳුව ඔහුගේ පියා, සොහොයුරා සහ සොහොයුරිය විසින් කුඩා සාදයක්ද පවත්වා නිවසට පිළිගෙන ඇත.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසර සිසුවකු වූ පසිඳු හිරුෂාන් විශ්ව විද්‍යාලයේදී ඉකුත් මාර්තු 5 වැනිදා පැවති නවක සිසුන් පිළිගැනීමේ සාදයක් අතරතුර සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ අතර ඔහුගේ හිසෙහි පසුපස කොටසට බරපතල සිදුව තිබිණි.
මේ සිද්ධිය පසුගිය කාලයේ සමාජය තුළ දැඩි කතාබහටද ලක්වූ අතර රට පුරා පසිඳු වෙනුවෙන් ආශීර්වාද පූජා පවා පැවැත්විණි.
ජීවත්වීම පවා අවිනිශ්චි තත්ත්වයක පැවති තම සොයුරාගේ ජීවිතය ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් කැපවූ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයට පවුලේ සියලු දෙනා වෙනුවෙන් ස්තුතිවන්ත වන බව වැඩිමහල් සොහොයුරා වන ලක්ෂාන් සිල්වා සඳහන් කළේය.
පසිඳුගේ මතකය පවතින නමුත් ඔහුට සිදුවූ අනතුර පිළිබඳ කිසිවක් මතක නැතැයි ද ලක්ෂාන් මහතා කීවේය.
එමෙන්ම තම සොයුරාට සුවය ප්‍රාර්ථනා කළ සියලු දෙනාට ස්තුතිවන්ත වන බව කී පසිඳුගේ වැඩිමල් සොයුරා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ද තම සොයුරා සුවපත් කරගැනීමට ආධාර ලැබුණු බව සඳහන් කළේය.
තම සොයුරාට වූ ආකාරයේ අනතුරක් ඉදිරියේදී විශ්ව විද්‍යාල සිසුන්ය සිදුනොවන්නට විශ්ව විද්‍යාල බලධාරීන් වගබලා ගත යුතු බව ද ඔහු පැවසීය.
ජයවර්ධනපුර සරසවියේ පැවති පිළිගැනීමේ සාදයක් අවසානයේ දී එහි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් පසිඳු සිටි ස්ථානයට ඉහළ ස්ථානයක සිට තල්ලු කර එවූ විශාල ටයරයක් වැදීමෙන් ඔහුගේ හිසට බරපතල හානි සිදු විය.
එම ටයරය එවූ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් සම්බන්ධයෙන් මේ වන විට නඩු විභාගයක් ද සිදුවෙමින් තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසිඳු ඔබට සිදුවූ වේදනාවන් වලදී විශ්ව විද්‍යාල වල හා මේ රටේ බොහෝ සංවේදී සිත් ඇති කාරුණික මිනිසුන් ඔබට සුවය පැතුවා. ඔබට නිදුක් නිරෝගීව අධ්‍යාපන කටයුතු නිම කිරීමටත්, වාසනාවන්ත දිවි පෙවෙතකටත්,සංවේදී හදවත් ඇති සැමගෙන් ප්‍රාර්ථනා !!!
ඔබට ඉක්මන් සුවය පතමි.
කෝ මේ අන්තරේ වීරයෝ... මේ මල්ලි වෙනුවෙන්..
පසිඳු, ඔබට පූර්ණ සුවය ලැබීම සතුටු ගෙන දෙන්නක්. හොඳින් අධ්‍යාපන කටයුතු කරගෙන හොඳින් ඉන්න. ඔබ ඉතා යහපත් දරුවෙක්.... ඔබට තුනුරුවන් සරණයි... !!!
ඇමෙරිකාවට විරුද්ධව උද්ඝෝෂණය කරන්න කලින් මේ දේවල් වලට විරුද්ධව උද්ඝෝෂණය කළොත් නරකද?
මහපොළොව නුහුලන මේ අපරාධය සිදුකළ විශ්ව විද්‍යාල දාමරිකයින් හය දෙනාගෙන් පස් දෙනෙක්ම ඇපපිට නිදහස් වෙලයි ඉන්නේ? ඒ උම්මන්තක අපරාධකාරයින් තවමත් අප සමාජයේ සැරි සරනවා. කවුද මේ ගැන හඬක් නැගුවේ..? මම නම් කියන්නේ රජය මගින් මේ දරුවාට විශාල වන්දි මුදලක් ගෙවිය යුතුයි. එම වන්දි මුදලෙන් යම් ප්‍රමාණයක් හෝ මොවුන්ව සිරගත කොට කිසියම් වෘත්තියක නියැලවා මේ අමනයින්ගෙන් අයකර ගත යුතුයි. ලංකාවේ සිටගෙන ඇමරිකාවේ දුක දකින සමහරක්ගේ ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල තමයි මේ..
බරපතල අපරාධයක් කර නිදහසේ ගමන් කළ හැකි එකම ස්ථානය විශ්ව විද්‍යාලයයි.
මෙ දරුවගේ අනාගත ආරක්ෂාව සලසන්න විශ්ව විද්‍යාලය ක්‍රියාත්මක විය යුතුයි. ඔහු නැවත අධ්‍යාපනය පටන්ගත් විටදී අර ටයර් මාරයන්ගේ මිතුරන් මෙ ළමයට බලපෑම් කරන්න ඉඩ තිඛෙනවා...
දැන් පුතා ඔබට ටයර් එක එවා ඇති තිරිසනා හොයාගෙන ඔබත් ඒ ටිකම එයාට කරන්න. මගෙ දරුවෙකුට කළානම් මම ඌට යහතින් ඉන්න දෙන්නේ නැහැ.
මාස තුනක්ම රෝහලේ හිටපු ඔබ මොනතරම් මානසිකව වෙටෙන්න ඇද්ද? කොයිතරම් වේදනාවක් විඳින්ට ඇත්ද? ඔබට ඔය අනතුර කරපු තිරිසනුන්ටත් ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබෙන්න සිදුවෙනවා...