
(ප්‍රසාද් රුක්මල් )
ඌවපරණගම ඌමාඇල ප්‍රදේශයේ ටයර් ගබඩාවක් අද (22) හටගත් හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි අඹගස්දොව පොලිසිය පවසයි .
මෙම ටයර් ගබඩාව වසා තිබියදී මෙසේ ගින්න හටගෙන ඇති අතර , බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනිනිවිම් ඒකකය , අඹගස්දොව පොලිසිය , ඌවපරනගම ප්‍රාදේශීය සභාව එක්වී වතුර බවුසර් යොදා ගනිමින් ගින්න අවට ප්‍රදේශයේ පැතිර යාමට ඉඩ නොදී නිවා දැමූ බවද පොලිසිය කීය .
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත් විදුලි කාන්දුවක් ගින්නට හේතු වන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
ගින්නෙන් ටයර් ගබඩාවේ තිබූ ටයර් විනාශ වී ඇති අතර සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැතැයි පොලිසිය සදහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි තරම් පරිසර දූෂනයක් වෙන්න ඇද්ද. මෙවැනි ගබඩා පවත්වාගෙන යන්න ප්‍රමිතියක් නැති කමේ ප්‍රශ්න .