(බිමල් ශ්‍යාමන් ජයසිංහ, සුමිත් ප්‍රේමතිලක සහ සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)
මනුෂ්‍ය ඝාතන හා අපරාධ ගණනාවකට සම්බන්ධ බව කියන හේවා ලුනුගේ ලසන්ත නොහොත් ටින්කර් ලසන්ත නැමැත්තා කළුතර උතුර දියගමදී පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිසිය කියයි
අපරාධ රැසකට සම්බන්ධ සන්සයින් සුදා නමැත්තා දික්වැල්ලේ දී ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලසන්ත නමැත්තා මාතර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු මිනීමැරුම් ඇතුළු අපරාධ 13 සම්බන්ධ වූවකු බව පොලිසිය සඳහන් කරයි
සැකකරු සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය කළුතර උතුර දියගම ප්‍රදේශයේ සඟවා තබා ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා පොලිස් නිලධාරීන් සමඟ ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැනීමට කළ උත්සාහයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඡයාරෑප සුමිත් ප්‍රේමතිලක





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් විහිළු.
දුමින්ද සිල්ව වගේ අයවත් සඟවා තිබුණු ආයුධ පෙන්නන්න අරන් යන්න බැරි උනා නේ ඒ දවස් වල .
හරියට හරි හංගපු ආයුධ පෙන්නන්න ගිහිල්ල. අනිත් කට්ටියත් ආයුධ පෙන්නන්න එක්ක ගියානම් උසාවි වල වැඩ පහසු වෙනව. හැබැයි ඉතිං නීතිඥයො නම් කැමති වෙනකක් නෑ නේද…?
අපරාධකාරයෝ, පාතාලයෝ නම් යහපත් සමාජයක සාමකාමී පැවැත්මට ලොකු බාධාවක්.
මොනවා කරත් මේ විදියට කරන්න පොලිසියට පුළුවන්ද??? කිසිම නීතියක් නැති රටක්.
අයියෝ මේ තිර නාටක දැන්වත් වෙනස් කරන්න.
දඬුවම... ලංකාවේ ක්‍රමයට... ප්‍රශ්නේ ඉවරයි.
සන්සයින් සුදා කියල කෙනෙක් ගැන අපි අහල නැහැ.
පොලිසිය සමග ගිය මොහුට අත්බෝම්බයක් අතට ලැබුනේ කෙසේද.?
අවි ගත්තෝ අවියෙන්ම නසී.
මේ ආකාරයේ ඝාතන වලින් අපරාධකරුවන් සහ දේශපාලකයන් අතර ඇති රහස් සම්බන්ධතා සදා සැගව යයි. දේශපාලකයන්ට මොවුන්ව භාවිතා කර අපරාධ කරවාගෙන පසුව මේ ආකාරයට මරාදැමිය හැක.
මේ වගේ වෙලාවක මිනිහෙක් මැරෙන්නේ නැති වෙන්න වෙඩි තියලා අනතුර වලක්වා ගන්න පුළුවන් බව ලංකාවේ පොලිසිය තවම දන්නේ නැතිද.
කොහොමින් කොහොමින් හරි කමක් නෑ ඔන්න ඔහොම පාතාලේ අඩු වෙනවානම්.
ඒ අය කරෙත් කොන්ත්‍රාත්.
නඩු මගට ගියාම වසර ගණන් ඇද ඇද තියන් නිදහස් වෙනවා..
වැඩි කතා ඕනේ නැහැ... ඔහොමවත් ඉවර කරන එක රටට යහපතක්...
ලංකාවේ පොලිසියට බැජ් කැම් දෙන්න ඕන.. එතකොට ආයුධ පෙන්නපු හැටියි මැරිච්ච හැටියි බලාගන්න පුළුවන්... අපරාධකාරයෙක් වුණත් මේ විදියට මරන්නයි පාදඩ දේශපාලඥයින්ට ඕනෑ එවුන් විතරක් රකින්නයි දෙන්න බෑ..
පොලිස් ඇමතිට ජිනීවා ගිහිල්ලා මේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් ගැන කියලා රට බේරාගන්න කියන්න.
කමක් නෑ... ඔහොම හරි ඉවරයක් කරන්න....
මෙයා රටේ මහා අයගේ ගොඩක් දේවල් දන්නා කෙනෙක් වෙන්න ඕන.
71 කැරැල්ල පටන් ගත්තේ පොලිස් ස්ථාන වලට පහර දීමෙන් බව මතක් කළ යුතුයි! අපරාධකරුවන්ට දඬුවම් දීමට පවතින නීති ප්‍රමාණවත් නමුත් "කැලෑ" නීති !
හිතමිත්‍ර අපරාධකරුවන්ගේ ඉරණම මෙලෙසින් විසඳන එක ගැන බොහොම කණගාටු ඇති නේද? පව්, නීතිඥ සංගමය...