
(කේ. බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන දුලාන් සංජය අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ පවසා සිටියේය.
සැකකාර දුලාන් සංජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා තම සේවා දායකයාට රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණයට දැන්වීය.
එහිදී මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය රහස් ප්‍රකාශයක් ලබාදීමේදී අධිකරණය තුළ පවතින තත්ත්වයන් පිළිබඳව සැකකරු දැනුවත් කළ අතර එම තත්ත්වයන් මත රහස් ප්‍රකාශය ලබා දීමට එකඟ වන්නේ නම් දහවල් දිවා විවේකයෙන් පසු සැකකරුගේ රහස් ප්‍රකාශය ලබා දීමට හැකි බව දන්වා සිටියාය.
ඒ අනුව අදාළ නඩුව අද දින අධිකරණයේ දිවා විවේකයෙන් පසු යළි විභාගයට ගැනීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
583
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටැටු දුලාන් අධිකරණයේදී රහස් ප්‍රකාශයකට අවසර ඉල්ලයි
Nihal Monday, 22 July 2024 11:53 AM
ගෑණු පච්චා කොටන්න පටන් අරන් වෙනත් භාෂාවකින් ටැටූ කිව්වාට පච්චා පච්චමයි...
පිටිගල මිලානෝ Monday, 22 July 2024 11:58 AM
ටැටුවා රහස් ප්‍රකාශයේදී “නඩුකාර තුමනි අපි ඉවරායි” කියයිද දන්නෑ…..
Muthu Monday, 22 July 2024 12:10 PM
හිරේ ඉන්නකොට ෆෝන් එකට උපදෙස් ලැබුනා... මෙහෙම කියපන් කියලා... දේශපාලකයෝ බේරලා....
නන්දන පනා-මිලානෝ Monday, 22 July 2024 12:18 PM
ටැටුවා මුල් දවසෙම මහේස්ත්‍රාත් තුමාට අයියේ කියලා කන පිරෙන්න අහගත්තාලු. නඩුකාර තුමෙක්ව අමතන විදිය
සසන්ති Monday, 22 July 2024 12:31 PM
ටැටුවා තාමත් අර තැඹිලි පාට ජංගියයි ටී ෂර්ට් එකයිද ඇදගෙන ඉන්නේ?