
(කේ. බුද්ධික කුමාරසිරි)
අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එම ටැටූ මධ්‍යස්ථානය හිමිකරු වන දුලාන් සංජය අද (22) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණය හමුවේ පවසා සිටියේය.
සැකකාර දුලාන් සංජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා තම සේවා දායකයාට රහස් ප්‍රකාශයක් ලබාදීමට අවශ්‍ය බව අධිකරණයට දැන්වීය.
එහිදී මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය රහස් ප්‍රකාශයක් ලබාදීමේදී අධිකරණය තුළ පවතින තත්ත්වයන් පිළිබඳව සැකකරු දැනුවත් කළ අතර එම තත්ත්වයන් මත රහස් ප්‍රකාශය ලබා දීමට එකඟ වන්නේ නම් දහවල් දිවා විවේකයෙන් පසු සැකකරුගේ රහස් ප්‍රකාශය ලබා දීමට හැකි බව දන්වා සිටියාය.
ඒ අනුව අදාළ නඩුව අද දින අධිකරණයේ දිවා විවේකයෙන් පසු යළි විභාගයට ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑණු පච්චා කොටන්න පටන් අරන් වෙනත් භාෂාවකින් ටැටූ කිව්වාට පච්චා පච්චමයි...
ටැටුවා රහස් ප්‍රකාශයේදී “නඩුකාර තුමනි අපි ඉවරායි” කියයිද දන්නෑ…..
හිරේ ඉන්නකොට ෆෝන් එකට උපදෙස් ලැබුනා... මෙහෙම කියපන් කියලා... දේශපාලකයෝ බේරලා....
ටැටුවා මුල් දවසෙම මහේස්ත්‍රාත් තුමාට අයියේ කියලා කන පිරෙන්න අහගත්තාලු. නඩුකාර තුමෙක්ව අමතන විදිය
ටැටුවා තාමත් අර තැඹිලි පාට ජංගියයි ටී ෂර්ට් එකයිද ඇදගෙන ඉන්නේ?