කොරෝනා වයිරසයේ බලපෑමත් සමඟ ටෝකියෝ ඔලිම්පික් උලෙළ පැවැත්වීමට නොහැකි බව මේ වනවිට පැහැදිලි යැයි ද ඒ අනුව 2021 වසරේ පැවැත්වෙන ඔලිම්පික් උලෙළ වෙනුවෙන් සුදානම් වන්නැයි ද ඔස්ට්‍රේලියානු ඔලිම්පික් බලධාරිහු අද (23) ප්‍රකාශ කළහ.

ඔලිම්පික් උළෙල කෙසේ හෝ පවත්වන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මෙන්ම ජපානයේ ඔලිම්පික් බලධාරිහු ද පසුගිය දින කිහිපයේදීම කියා සිටියද ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මේ වනවිට ඔවුන්ගේ ස්ථාවරය ලිහිල් කරනු ඇතැයි වාර්තා වේ.
මේ අනුව ඔලිම්පික් උලෙළ කල් දැමීම ආදී විකල්ප සම්බන්ධයෙන් සොයා බලන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සඳහන් කළේය.
ඊට ප්‍රතිචාරයක් ලෙස ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුව රැස්වීමක් කැඳවා තිබිණි. ගෝලීය වසංගතයක් බවට තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ජූලි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ ඔලිම්පික් උලෙළ පැවැත්වීමට නොහැකි බව එහිදි ඒකමතිකව තීරණය කර ඇත.
‘‘ජූලි මාසයේදී ඔලිම්පික් උලෙළ තියන්න බැහැ. ඒක පැහැදිලි’’ යැයි 2020 ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කණ්ඩායමේ මෙහෙයුම් ප්‍රධානී ඉයන් චෙස්ටර්මන් පැවැසීය.
ක්‍රීඩකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දිය යුතු යැයි ඔස්ට්‍රේලියානු ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන විධායක නිලධාරී මැට් කැරොල් පැවැසීය.
‘‘කල්දැමීමෙන් අලුත් ප්‍රශ්න ඇතිවෙනවා. ටෝකියෝ ඔලිම්පික් උලෙළ ක්‍රීඩාවේ සහ මනුෂ්‍යත්වයේ සැබෑ සැමරීමක් වෙන්නේ ඊට මුළු ලෝකයටම එන්න පුළුවන්නම් විතරයි’’ යැයි ද හෙතෙම කීය.
ඒ.එෆ්.පී.
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd