(යොහාන් භාසුර, දිල්ලි නුවර සිට..)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ටී10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ මස 24 වැනිදා දක්වා කල්දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට මේ වන විට එල්ල වී ඇති බලපෑම් හේතුවෙන් මෙවැනි ප්‍රධාන තරගාවලියක වෙන්දේසියක් පැවැත්වීමට තරම් පරිසරයක් නොමැති බවත් ඒ හේතුව එම තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය කල්දැමීමට පියවර ගත් බවත් ශ්‍රී ලංකා බලධාරීන් එම තරගාවලියට සහභාගි වන කණ්ඩායම් වලට දැනුම්දී තිබේ.
ටී10 ක්‍රිකට් තරගාවලිය ලබන දෙසැම්බර් මස 13 වැනිදා සිට 23 වැනි දා දක්වා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේදී අසාර්ථකවීම පිළිබඳ විරෝධය දක්වමින් ඇතැම් පිරිස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනයට බලපෑම් කරමින් සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සියලුම තරග නැරඹීමෙන් සියලු ප්‍රේක්ෂකයන් ඉවත්විය යුතුයි.