(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල නගරය හරහා ගලා බසින අපජලය සහිත ඇළ මාර්ගයේ දමා ගොස් තිබූ සැකකටයුතු මල්ලක තිබී ටී. පනස්හයේ ජීව උණ්ඩ 35ක් ඇතුළු උණ්ඩ තොගයක් අද(29) හමු වී තිබේ.
කුරුණෑගල මූලස්ථාන පොලීසියේ හදිසි ඇමතුම් දුරකථන අංකයට ලැබුණු තොරතුරකට අනුව මෙම උණ්ඩ තොගය සොයාගෙන ඇත.
පොහොර උරයේ තිබී ටී. පනස්හය ජීව උණ්ඩ 35 ක්, එස්. එල්. ආර් ජීව උණ්ඩ 06 ක්, යුද හමුදාව භාවිත කරන සංඥා උණ්ඩ 03 ක් සහ වෙඩිතැබීම් පුහුණුවීම් සඳහා භාවිත කරන උණ්ඩ 06 ක් හමුවූ බව පොලීසිය කියයි.
මේ දිනවල සිදු කෙරෙන හදිසි සෝදිසි මෙහෙයුම් නිසා කිසිවකු විසින් මෙම උණ්ඩ දමාගොස් ඇති බව පොලීසිය සැක කරයි.
අපජලය සහිත ඇළ මාර්ගය ආශ්‍රිත ගොඩනැගිලිවල සවිකර ඇති සීසීටීවි කැමරා මාර්ගයෙන් මීට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව සොයාබලන බව කුරුණෑගල කොට්ඨාසය භාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd