(දිල්රුක්ෂි ග්‍රේරු)
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද (23) ජනාධිපති විශේෂ සමාව ලැබිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ඉකුත්දා ඥානසාර හිමි පිළිබඳව විස්තර බන්ධනාගාර අමාත්‍යංශයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගෙන්වාගෙන තිබිණි.
ඊයේ (22) ඥානසාර හිමියන් නිදහස් කිරීමට අදාළ ලියකියවිලි සඳහා ජනාධිපතිවරයා අත්සන් කර ඇතැයි බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝ පැවසූහ.
අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට වරදකරු කරමින් ඉකුත් වසරේ අගෝස්තු 18 වැනිදා ඥානසාර හිමියන්ට වසර 19 ක සිර දඬුවමක් ලැබුණු අතර එය වසර 6 කට ගෙවී යන පරිදි බරපතල වැඩ සහිත සිර දඬුවමක් ලබා දීමට නියෝග කෙරිණි.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැණ වැදීම , අධිකරණයට අපහාස කිරීම ඇතුළු චෝදනා 4 කට මෙම සිර දඬුවම ලැබිණි.
(ඡායාරූප - ලහිරු හර්ෂණ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ සංඝාධිකරණයක් පිහිටවලා භික්ෂූන් ගෙන් වුන වැරදි වලට දඬුවම් දීම සුදුසුයි. මෙහෙම ස්වාමින් වහන්සේලාට ගිහියන් දඬුවම් දෙන ක්‍රමය නිචයි. බ්‍රිතාන්‍යය මානසිකත්වයෙන් මිදෙන්න ඕනේ.
සිරිසේන ගේ විහිළු. හෙට අනිද්දට දුමින්දත් එලියට එයි. රට කනවා.
මෙය සිදුවිය යුතු දෙයක්........පමාවී හෝ සිදුවීම සතුටක්....
දුමින්ද සිල්වත් එළියට ගන්න පාර හැදුවා වගේ.
හාමුදුරුවනේ ඔබ තුමන් හිරබත් කනවිට අපේ 380 ක් ජනය මියගිය අතර තව සිය ගණනක් තුවාල උනා, සමහර තැන් වල පව්ල් පිටින් ගියා. දෙමව්පියන්,දරුවන්, සහෝදරයින් මිය ගියා, ඒ මොන සාපයද ?
අපේ හාමුදුරුවනේ රටක් නැත්නම් ජීවිතය පුජා කරන්නේ කොහොමද කියන එක ජාතියේ හඳවතට දැනේවා.නමට රටක් ඇතේ- අපට රටක් නැතේ කියල තමයි ඉදිරියේදී කියන්න වෙන්නේ මේ යන විදිහට..
සාධු සාධු සාධු..! කළගුණ සලකන්න ඕනේ...
සාධු සාධු සාධු.....!
රට කොයි තැනටද මෙයාල මේ තල්ලු කරන්න හදන්නේ? මෙහෙම කලාම ජාතින් අතර සමගිය වර්දනය වෙනවද?
රටේ සිවිල් කාන්තාවකට බැන වැදීම සිර දඩුවම් විදියහැකි වරදක් උවත් පල්ලි වල ආයුධ සගවා තබා ගැනීම, ත්රස්තවාදීන්ට උදව් සහ අනුබල දීම නොසැලකිය හැකි තරමේ වැරදි... ඔන්න රටේ නීතිය.
ආවේගශීලි නොවී දැන්වත් අපේ සිංහලයාගේ ප්‍රශ්න වලට ප්‍රයෝගික විසඳුම් හෙව්වොත් තමයි හොඳ.
සුද්දගේ නීතියට අපි භය නැහැ කියලා සුද්දගේ නීතියටම පින්සෙන්ඩු වෙන්න වුණා. හිටියේ බන්දනාගාර රෝහලේ දැන් එතකොට එලියට ආවට පසුවත් ඉන්නේ රෝහලකද ?
ජනාධිපතිට නීතිය නැවිය හැකි රටක්. අවුරුදු 18 ක දඩුවමට අවුරුද්දක්වත් හිරේ හිටියෙ නැහැ. ජනාධිපති සමාවට තියෙන ඉඩකඩ නැතිකල යුතුයි.
වැරද්දක් නොමැති පුංචිදෙයක් මහවිශාල අපරාදයක් සේ මවා මහජන අකමැත්තෙන් සිර ගත උන ඔබ වහන්සේ අද අප අතරට පැමිණීම අපගේ ආරක්ෂාවයි සාදු... සාදු...
කොරේ පිටට මරේ. ඡන්ද වැඩිවෙයි කියලා හිතාගෙන මේක කලාට තිබුන ටිකත් අඩු වෙන එකයි උනේ. මධ්‍යස්ථ බුද්ධිමත් ජනතාව මේක අනුමත කරන්නේ නෑ. රටේ මූලික නිතිය කඩලා මේක කලේ. ජනාධිපති බලතල අපයෝජනය කිරීමක්. උසාවියේ අදහස් විමසුවේ නෑ. හැබැයි පොහොට්ටු පාර්ෂවේ අයගේ සිංහල අන්තවාදී ඡන්ද පදනමට වදිනවා.
ජාතික අනුරාගය යනු පල්ලි වලට ගල් ගැසීම හෝ කුණුහරපෙන් බනවදීම නොවේ, සැලසුම්සහගතව මුස්ලිම් අන්තවාදීන් පරාජය කිරීමට සුක්ෂමව සැලසුම් කිරීමයි. එය පාඩමට ගන්නවානම් ,ජනතාව කැමති වේවි .
අදහසක් විතරමයි. ආයෙමත් දේශපාලුවන් ගාවාගන්නේ නැතිව ආගමික වැඩ කරමු අපේ හාමුදුරුවනේ.
මෝහයෙන් ද්වේශයෙන් තොරව ඔබවහන්සේට දිගාසිරි පතමි
දේශපාලකයන්ගේ අශූචි වලේ වැටෙන්න නම් එපා හාමුදුරුවනේ...