IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඥානසාර හිමිගේ වරෙන්තුව ආපසු කැඳවයි

(රෝෂන් තුෂාර)

ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා ලැබ සිටින  බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට  කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක  මහතා අද (23) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඥානසාර හිමි විත්තිකරුකරමින් ගොනු කළ නඩුවට   පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව  අතිරේක මහේස්ත්‍රාත්  පසන් අමරසේන මහතා විසින් පසුගිය 19 දින නිකුත් කර තිබිණි .

ඥානසාර හිමියෝ අධිකරණයේ ඊයේ දින පෙනී සිටියහ .

සැකකරු  වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතාගේ උපදෙස් පරිදි කරුණු දැක්වූ නීතිඥ ඉසුරු එදිරිසිංහ මහතා කියා  සිටියේ සැකකාර හිමිනම අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතව සිටි බැවින්  නඩුවේ තීන්දුව  ලබාදීමට නියමිතව තිබූ පසුගිය 19 දින අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවය.

ස්වාමීන් වහන්සේ හෙට දිනයේ ද යළි රෝහල් ගතවන බව වැඩි දුරටත් සඳහන් කළේය.

2016 ජූලි මස අටවෙනි දින කිරුළ පන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී  ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියාන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්,ඒ අනුව දණ්ඩ නිති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට  චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබිණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක  මහේස්ත්‍රාත්වරයා  වරෙන්තුව ආපසු කැඳවමින් ජනවාරි 9 වැනි දින අධිකරණය පෙනී සිටින්නේ ලෙසට සැකකරුට නියෝග කළේය.



අදහස් (2)

ඥානසාර හිමිගේ වරෙන්තුව ආපසු කැඳවයි

Rohana salgadi Monday, 23 December 2024 05:28 PM

ලංකාවේ බුදුදහමට අපහාස කරන අයට මොකුත් නෑ. 76% අපිට නෑ... කවුරුත් ඉතින් රටකට හරි යයිද?

:       0       0

Perera Monday, 23 December 2024 09:35 PM

තීන්දුව කොහොම වෙයිද කියලා හිතාගන්න පුළුවන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 593 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site