(සිතුම් චතුරංග)
මුලතිව්, නයාරු ගුරුකන්ද පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන්ගේ දේහයේ අවසන් කටයුතු සිදුකිරීමට එරෙහිව අධිකරණ නියෝග කඩකිරීමට අනුබල දුන් බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගන්නැයි උතුරු පළාතේ නීතිඥවරුන් අද (24) අධිකරණ කටයුතු වලින් ඉවත්ව වර්ජනයක නිරත විය.
වවුනියාව, මුලතිව් , කිලිනොච්චිය , යාපනය හා මන්නාරම දිස්ත්රික්කයන්හි නීතිඥවරු අද උදෑසන සිට අධිකරණ කටයුතු වලින් ඉවත්ව වර්ජනයේ නිරතවූහ.
ගුරුකන්ද විහාර භූමියේ ආදහන පූජෝත්සවය සිදුනොකරන ලෙසත් එය විහාරයට නුදුරින් පිහිටි යුද හමුදා කඳවුර පවතින ස්ථානයේ මුහුදු වෙරළෙහි සිදුකරන ලෙසට මහෙස්ත්රාත්වරයකු විසින් ලබාදුන් නඩු තීන්දුවට එරෙහිව යමින් අධිකරණයට සිදුකළ අපහාසය දැඩි ලෙස හෙළා දකින බව උතුරු පළාත් නීතිඥ සංගමයේ ක්රියාකාරී නිතීඥ ඇන්ටන් පුලිදනායගම් මහතා පැවසීය.
අදාළ සිද්ධිය වන ස්ථානයේ විරෝධය පළ කළ මුලතිව් මහෙස්ත්රාත් අධිකරණයේ කේ. සුකාශ් නම් නීතිඥවරයාට එහි පැමිණ සිටි භික්ෂූන් වහන්සේලා මරණ තර්ජන සිදුකර පහරදීමට උත්සහ කර ඇති බවත් එය සමස්ත නීතිඥවරුන්ට සිදු කළ දැඩි අපහාසයක් බවද පැවසීය.
මුලතිව් මහේස්ත්රාත් අධිකරණය ලබාදුන් නියෝගය නොසළකා කටයුතු කිරීම හා මුලතිව් මහෙස්ත්රාත් අධිකරණයේ නීතිඥවරයකුට බලපෑම් එල්ල කිරීමට විරුද්ධව උතුරු පළාතේ සියලුම නීතිඥවරුන් මුලතිව් මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපස විරෝධතාවයක් සංවිධානය කිරිමට නියමිතය.
අදාළ ගැටළුවට කඩිනම් විසඳුමක් ලබා නොදුණහොත් දැඩි වෘත්තීය ක්රියාමාර්ග ගන්නා බවද පුලිදනායගම් මහතා පැවසීය.
අපවත් වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපති කොළඹ මේධාලංකාරකිත්ති නාහිමයන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය සිදුකිරීම පිළිබඳ කෝවිල් පාර්ශවය හා මුහුදුබඩපත්තුව ප්රාදේශීය සභාව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාගයට ගෙන එහි තීන්දුව ලබාදෙමින් ආදාහන පූජෝත්සවය විහාරයට නුදුරින් යුද හමුදා කඳවුර අසළ වෙරළ තීරයේ සිදුකරන ලෙස මුලතිව් ප්රධාන මහෙස්ත්රාත් එස්. ලෙනින්කුමාර් මහතා නියෝග කර තිබිණි.
නීතිඥ්යවරුන් නොමැතිවීමමෙන් උතුරේ අධිකරණ රැසක දෛනික කටයුතු අඩාල වූ අතර මහෙස්ත්රාත්වරුන් විසින් නඩු කල්තැබීම පමණක් සිදුකරනු ලැබීය.



(ඡායාරූප - ටී.එල්.ජවුෆර්ඛාන් - මඩකලපුවේ විරෝධතාව)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතිය සැමට එකයි.
රටේ නීතිය. සැමට එක නීතියක් විය යුතුයි...
දෙමළ අය කෙළවාගන්න ඉතාම ළඟයි...
අපි බලමුකෝ ....
සහජීවනේ රෙද්ද පල්ලෙන් බේරෙනවා. මේවගේ දේවල් වලට සෘජු තීරණයක් ගන්න බැරි පාලනයක් රටට තියෙන්නේ. මේ ආණ්ඩුව මේ ගැටලුවේදිත් කරන්නේ සුළු ජාතික ඡන්ද ටික රැකගන්න හාමුදුරුවන්ව ඇතුලට දාන එක.
ගණන් ගන්න දෙයක් නැහැ. ඕනනම් දවස් දෙකක් වැඩට නෑවිත් ඉදියි. නඩු වලට පෙනී හිටින්නේ නැතුව බඩගින්නේ ඉන්න බෑනේ. අනික පෙරකදෝරුවෝ නම් හොදින්ම දන්නවා නිතිය කඩකිරීමක් හෝ උසාවියට අපහාස කිරීමකදී ගතයුතු මුලික පියවර මොකක්ද කියලා....
සිංහලයිනි, දැන්වත් තේරුම් ගන්න....
සිංහල අපිටම තමයි මේ ඔක්කොම ප්රශ්න....
බයවෙන්න එපා. ඔය කස්ටිය වැඩිය වැඩ නොකර ඉන්න බයයි. මොකද මිනිස්සුන්ව ගොනාට අන්දන්න බැරිවුනොත් කාලා ඉවරයි. තම වරිගෙම කොහෙන් හරි එක්කෙනෙක් ඒ පැත්තට එනවාට බයයි. ඕගොල්ලෝ බොරුවට හරි කැස්සේ නැතිනම් සාක්කු හිස්. යන්න දෙන්න ඔහොම. දැක්කේ නැද්ද පහුගිය දවස්වල තමන් ලියලා හොඳට විකිණෙන පොතේ ලියපු දේවල් බොරු කියලා එයාම ඉහලම තැනදී කිවා. තව මොන කතාද?
ජාතිවාදියා කවුද? මියගිය කෙනෙකුට අවසන් අගෞරවය පළ කරන්න තරම් නිහීන කොට්ඪාසය කවුද කියලා තේරුම් ගන්න. ආදාහනය කරන්න දෙන්නේ නැතිනම් පරිස්සම් කරලා තියා ගන්න කියලා කෝවිල ඇතුලෙන් තියන්න තිබුනේ. අපේ දේශපාලන කයිවාරුකාරයෝ ටික දෙමළ ඡන්ද වලට කෙල හලාගෙන මේකට රංගනයක් ඉදිරිපත් කරනවා. අඩු ගානේ රටේ නායකයාටවත් කිසිම කැක්කුමක් නැහැ මේ ක්රියාව ගැන .පස්සේ කියයි "තරයේ ම හෙලා දකිනවා " කියලා
පක්ෂ පාට බදාගෙන ඉන්න අයට තේරෙනවද මොකද්ද වෙන්න ඕනේ කියලා? රස්සාවක් කරන්නත් ටකරන් ටිකක් වහගන්නත් අපට කියල රටක් ඕන. මැරිලා ගියහම අඩි හයක තැනක් ගන්න උසාවි තීරණ ඕන? මේක කාගේ රටද සිංහලයිනි?
ජරාව කාලා රටත් කනවා.....
පන්සලේ හාමුදුරුවන්ව පන්සලේ නැතුව වැල්ලේ වලදාන්න කියලා ඔය වැරදි තීන්දු දෙන අයට ඉන්දියාවෙන් ආපු අය කියන්නේ කොහොමද?
මේ සිංහල බෞද්ධ රටේ එතකොට කාටවත් ඕන විදිහටද මහා සංඝරත්නයේ දේහයන් අතන මෙතන ආදාහනය කරන්නේ? අපට හරි හමන් නායකයෙක් නැති ප්රශ්නය නේද මේ? සිංහලයිනි, පළමුව සෘජු නායකයෙක් ඕන. රට , ජාතිය ආගම බේරගන්නවා මිසක පක්ෂ බේරගන්න කාලයක් නොවෙයි මේ. ඒවා පස්සට දාමු.
[අදාළ ගැටළුවට කඩිනම් විසඳුමක් ලබා නොදුණහොත් දැඩි වෘත්තීය ක්රියාමාර්ග ගන්නා බවද පුලිදනායගම් ....] මොන කතාද? දැඩි වෘත්තීය ක්රියාමාර්ග අරගෙන පොකට් එක හිස්වෙලා බඩ පනුවෝ පිණුම් ගහන කොට නිකම්ම මේ අය උසාවි යන එක නම් නියතයි. කවුරුන් හෝ ඉදිරිපත්වී සුළුවෙන් හෝ අපේ හිමිපාණන් වහන්සේට අවසන් ගෞරවය දැක්වීම ගැන ඒ අයට පින්සිදු වේවා කියා පතමු. පුරාණ රජ මහා විහාරයක අධිපති ධුරය දැරූ ඒ හිමිපාණන් වහන්සේට මීට වඩා උසස් අවමංගල උත්සවයක් නොලැබීම අතිශයින්ම කණගාටුදායකය !
මේ බෞද්ධ රටේ බෞද්ධ සම්ප්රදායවල් රෝමන් ලන්දේසි නීතියෙන් වෙනස් කරන්න දෙන්න බැහැ. බෞද්ධ සම්ප්රදායට වැඩ කලේ බෞද්ධ ජනතාව. ඥානසාර හිමි ඒ අය අතුරින් එක් පුද්ගලයෙක් පමණයි. ඕනෑතරම් කාලයක් වැඩ වර්ජනය කරන්න අපිට මොකද?
නීතිඥකම උසාවියට පමණයි. පන්සල් භුමි තුළ අපිට නීතිඥයත් එකයි. අැබිත්තයත් එකයි.
ලංකාවේ නීතිවේදියෝ වැඩ කරන විදිය මුළු රටම දන්නවා. කොහොමද ගෝඨා නිදහස් වුන හැටි ?
කොට්ටෝරුවා කෙසෙල් ගසේ පැටලෙන දවස වැඩි දුරක නැහැ......
හාමුදුරුවරු තාම ගහන්න පටන් ගත්තේ නැත. තර්ජනය කළා පමණයි. පරිස්සම් වෙයන්...
මේක සහජීවනය පිළිබඳ ගැටලුවක් නොවේ..! රටේ එක නීතියක් නොමැති කමේ ඵලවිපාක! තෙවාසලම් නීතිය උතුරු පළාත් වල අවුරුදු සිය ගාණක් තිස්සේ ක්රියාත්මක වෙනවා.. කාටත් පෙනුනේ නැහැ...!