(ජයන්ත සමරකෝන්)
වසර හයක සිරදඬුවම් විදින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් අද (21) වාර්තාවක් කැඳවා ඇතැයි වාර්තා වේ.
මෙම රහසිගත වාර්තාව අද සවස් භාගය වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යවනු ඇතැයිද දැනගන්නට තිබේ.
එම වාර්තාවට අනුව ඥාණසාර හිමියන්ගේ සිරදඬුවම හා කාලය, දැනට ගෙවා ඇති කාලසීමාව සහ බන්ධනාගාරය තුළ හැසිරීම ඇතුළුව සමාලෝචන වාර්තාවක් මීට අයත් වී ඇතැයි ද සඳහන්වේ.
අධිකරණයට අපහස කිරීම ඇතුළුව චෝදනා 4 කට වරදකරුවීම හේතුවෙන් උන්වහන්සේ වසර 19 ක සිරඳඬුවමක් වසර 6 කින් ගෙවීයන පරිදී නියමවුයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිවරණයට ලැහැස්ති වෙනවා වගෙයි හිටං...!
මෙම පුරවැසියාට සමාව දීම රටේ නීතියට නින්දාවක්...
මේ රටට හෙන ගහන්නේ නැද්ද? ඉතින් බුද්ධ පුත්රයින් හිර කරගෙන ඉද්දි...
ඉතිහාසයේ සිටම බුද්ධ පුතුන් සිර ගෙවල්වල දුක් වින්ඳේ රට වෙනුවෙන්.