(ජයන්ත සමරකෝන්)
සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ අත්සන් තබා ඇතැයි වාර්තා වේ.
ඒ අනුව හෙට (23) පස්වරු 3.00 උන්වහන්සේ බන්ධනාගාරයෙන් රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවසූහ.
උන්වහන්සේට නිදහස ලබා දීමේ මූලික අදියර යටතේ ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ (21) බන්ධනාගාර මූලස්ථානයෙන් වාර්තාවක්ද කැඳවා තිබුණි.
ඉකුත් 18 වැනිදා වෙසක් පෝදා සිරකරුවන් 762කට වැලිකඩ බන්ධනාගාරයේදී ජනාධිපති පොදු සමාව ලබා දීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් ඥානසාර හිමි හමුවී විනාඩි 45 කට ආසන්න කාලයක් සුහද පිළිසඳරක යෙදී තිබුණි.
එහි ප්‍රතිඵලයක් ලෙස උන්වහන්සේට ජනාධිපති සමාව ලැබී ඇතැයි ද මෙම අවස්ථාවේ පොදු සමාවදීම මුළු රටම ඉල්ලා සිටි එකම ඉල්ලීමක් බවද නන්ද හිමියෝ සඳහන් කළහ.
අධිකරණයට අපහාස කිරීම ඇතුලුව චෝදනා හතරකට වරදකරු කර තිබූ උන්වහන්සේට බරපතල වැඩ සහිතව වසර 19ක සිරදඬුවමක් නියම වූ අතර එය වසර හයකින් ගෙවීයන පරිදි ලිහිල් විය.
2018 අගෝස්තු 18 වැනි දා උන්වහන්සේට මෙම සිරදඬුවම නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමාද වුණත් හොඳ තීරණයක්...!!!
මොකටද සමාව? ආණ්ඩුවයි සමාව ගත යුත්තේ...
සාදූ සාදූ සාදූ !!!
ශාසනය වෙනුවෙන් ජනාධිපති තුමා කළ තවත් ලොකු සේවයක් !!! ඔබතුමාට තෙරුවන් සරණයි..!!
ඉතාම හොඳ ක්‍රියාවක්. කලින් කළයුතුව තිබුණත් මේ අවස්ථාවේදී හෝ කළදේ ගැන සතුටුයි. අධිකරණයට අපහාස කරපු මැතිඇමැතිවරු කොපමණ ඉන්නවද අදත් පාර්ලිමේන්තුවේ..? එ්ත් ඒ කිසිවෙකුටත් වසර 19ක සිර දඬුවමක් නියම වුනේ නැහැ.. මේ හාමුදුරුවෝ කියපු දේවල් ඇහුවා නම් අර බෝම්බ ප්‍රහාරය නවත්වා ගන්න තිබුණේ ගොඩාක් කාලෙකට ඉස්සෙල්ලා. ඒ වගේම අර මැරුණු 300 නොමැරී ඉන්නත් තිබුණා.. යමෙක් රට ගැන කැක්කුමෙන් කතා කරද්දී ඔහුගේ ජාතිය, ආගම හෝ පක්ෂය බලනවට වඩා ඔව් කියන්නේ මොකක්ද කියලා බලන්න ඕනේ.. අපේ මිනිස්සු කලේ හඳ පෙන්නුවහම ඇගිල්ල දිහා බලපු එකයි..
තෙරුවන් සරණයි, දෙව් රැකවරණයි අපේ හාමුදුරුවනේ. මේ රට බුදුරජාණන් වහන්සේ වැඩි බෞද්ධ රට. මේ රට කාලිංග මාඝ, එළාර, සොලීන්, පෘතුගීසි, ලන්දේසි ඉංග්‍රීසි, ප්‍රභාකරන් අල්ලන්න හැදුවා. නමුත් ඔවුන් වැනසුනා. මේ රට අවුරුදු තව දහස් ගණනක් බුදු දහම පවතින රට. එම නිසා අතීත බුද්ධිමත් බෞද්ධ මුතුන් මිත්තෝ අද වගේ මැටි වලින් බුදු පිළිම පන්සල් නොහදා කළු ගලින් නිර්මාණය කලේ එදා අනුරපුර, පොලොන්නරුවේ. කළු ගලට ආවේණික ශක්තියක් ඇත. එහි මගේ ඔළුව ශක්තිමත් ලෙස හිතා ඔළුව කළු ගලේ ගසන්නාගේ ඔළුව පැලේ. බුදු දහමට වින කටින්නන්ට වන්නේ එයමයි. බුදු දහමේ තෙරුවනින් ජීවමාන එකම රත්නය වන මහා සංඝරත්නයට හිරිහැර කල අයට වී ඇත්තේ එයමයි. අප සියලු දෙනා බෞද්ධ ව වූයේ මෙම පැවිදි රූපය, හාමුදුරුවන් දුටු නිසාමය. එහි කලගුණ නැති අය බෞද්ධයන් නොවේ. ඉන්දියාවේ චණ්ඩාශෝක රජු ධර්මාශෝක වන්නේ සත් හැවිරිදි සාමණේර පැවිදි රූපය දැකයි. පෙරුම් පිරූ සිදුහත් කුමරු පවා පැවිදි මගට යොමු වන්නේ සතර පෙරනිමිති වල සඳහන් බාහිර ශාසනයේ ජටිල, ආජීවක.. වැනි පැවිදි රූපය දුටු නිසාමයි. එලෙස බුදුමගට යොමු වුණු අයට හාමුදුරුවන් විවේචනය කිරීම කළ නොහැකිය. එය උපත දුන් දෙමාපියන් විවේචනය හා සමානය...
අපේ හාමුදුරුවනේ විෂ්ණු දෙවියොත් බටකොළ කෑව බව සිහිකරමින් අපි අතරට වඩින්න. සෑමදේම සිදුවන්නේ හොඳටයි. 253ක් ජීවිත පූජා කිරීම නිසා අනාගතයේ වෙන්නට ගිය දරුණු විනාශයක් එළිකර ගැනීමට අපිට හැකිවුණා. ඔබ සිරගත වුයේ නැතිනම් මේ වුණු සිදුවීම් ඔබවහන්සේ පිටින් යැවීමට අර එන්ජීඕ කාරයෝ බී.බී.සී. යත් සමග කුමන්ත්‍රණය කරනු ඇත...
ගරු ජනාධිපතිතුමා රට, ජාතිය ගැන සිතා ගත් ක්‍රියා මාර්ගය අපි අගය කරමු...
මේ පිනෙන් ඔබවහන්සේ ලද චෝදනා, ජනතා අපවාද සමනය වනු ඇත. එකගලෙන් කුරුල්ලන් බාගත්තා හා සමානයි...
අපේ හාමුදුරුවනේ, මම වැඩිපුර සතුටුවන්නේ ඔබවහන්සේ හිරගෙදර සිටිනවා දකින්නට කැමති වූ පාදඩ සිංහලයින්ට ලැබුණු පයින් පාර ගැන සිතීමෙන්ය.
අපේ හාමුදුරුවනේ, වටාපත පැත්තකින් තියලා දැන් අපි නැවතුණු තැනින් පටන් ගනිමු නේද?
සාදු සාදු සාදු ! ! !
ජාතියම වෙනුවෙන් අපි සමාව ඉල්ලමු උන් වහන්සේගෙන්.නිදහස් කිරීම වෙනුවෙන් තුති පුදමු!
ඇත්තටම ඇස්වලට කඳුලුත් ආවා.... ඔබවහන්සේට තෙරුවන් සරණයි. ජනාධිපතිතුමා ගත්ත හොඳම තීන්දුවක්...
කවුරු අකමැති වුණත් ලක් පොළොවේ සම්බුදු සසුන චිරාත් කාලයක් වැජඹෙනවා ඒකාන්තයි.
දැන් ජාතිවාදේ වපුර වපුර රට වටේ ඇවිදියි. ඉස්ලාම් අන්තවාදයට පිළිතුර බෞද්ධ අන්තවාදය නොවන බව නොතේරෙන අය තමයි දැන් සතුටු වෙන්නේ.... වෛරය වපුරලා මැදහත් බෞද්ධයින් සහ මැදහත් මුස්ලිම්වරුන් අන්තවාදීන් බවට පත් කරලා රටේ නැවතත් සිවිල් යුද්ධයක් ඇවිලුනු දාට දැන් සතුටු වෙන කාටකාටත් තරු පෙනෙයි.
අපි "යහපාලනයක් " පස්සේ දිව්වේ.. වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබාදීමටයි...!!! සමහරුන්ට ඕවා අමතකඔ වුණාට අපිට ඒක අමතක වෙලා නැහැ !!!
බුදු සරණයි...!!!
හාමුදුරුවනේ ඔබ වහන්සේට සිංහල බෞද්ධයන් වෙනුවෙන් හඬ නගන්නට තව තවත් ධෛර්යය ලැබේවා. බුදු සරණයි.
සාධු සාධු සාධු... හාමුදුරුවනේ ඔබගේ අරගලය නිෂ්ඵල වූයේ නැත. රට, ජාතිය, බුද්ධාගම වෙනුවෙන් ඔබ වහන්සේ සිරබත් වැළඳීම ගැන අප සියලුදෙනා කල මහා පාප කර්මයක ප්‍රතිඵලයක් වෙන්න ඇති. දැන්වත් බෞද්ධයිනි, දේශපාලන පක්ෂ කරන බෙදීම්වලට ගොදුරු නොවී බෞද්ධ ධජය වටා එක් රොක් වෙමු. අපේ රට පැමිණි ඇති අනතුරුවලින් බේරා ගැනීමට හැකිවන්නේ එවිට පමණි. මෙය මෙම කාලයේ අවස්ථාවකි...
ඔබ වහන්සේ මේ ව්‍යවසනයෙන් රට බේරාගන්න කෙතරම් උත්සාහයක් ගත්තද? රට කරවන අය ඇහුම්කන් දුන්නා නම් කෙතරම් ජීවිත බේරාගන්න තිබුණාද? ඔබවහන්සේට ජම්පරය අන්දවනවාමයි කියූ කාල්කන්නි දේශපාලකයාටත්, ඔහුගේ හත්මුතු පරම්පරාවටමත් ශාපවෙනවා...!!!
ලංකාව ආක්‍රමණය කළ කාලිංග මාඝ, සොලීන්, එළාර, මුස්ලිම්, මරික්කාර් නැව් සේනා, පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි, ප්‍රභාකරන්ලාට ලංකාවේ බුදුදහම විනාශ කරන්න බැරි වුණා. ඔවුන්ට ලංකාවෙන් යන්න වුණා. ඔවුන්ට විනාශය වුරුම වුණා. බාමියන් බුදු පිළිම විනාශ කළ ඇෆ්ඝනිස්ථානය මාස කිහිපයක් තුළ දූවිලි වුණා. ඇමරිකානු ප්‍රහාර තුළ ඇමරිකාව පැරදුණු එකම යුද්ධය බෞද්ධ වියට්නාමය හා කළ යුද්ධය. අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් කපපු පිළියන්දල කටුවාවල අන්‍යාගමික පවුලටම පිස්සු... ගෙවල් දොරවල් පාළුවෙලා වැනසී ඇත... අප සියලු දෙනාම බුදුමගට යාමට මූලික කරුණ වු තෙරුවනින් ජීවමාන එකම රත්නය වන සත්පුරුෂ පැවිදි මහා සංඝරත්නයට අපහාස පීඩා කරන අයට රටට වනදේ අත් දැකීමෙන් පසුගිය දිනවල දැක්ක නිසා මෙලෙස නිදහස අපේ හාමුදුරුවන්ට ලැබිණි. කිරි දොවපු ගමන් නොමිදේ. සෙරෙප්පු දාපූ ගමන් ගෙවී ඇති බව නොපෙනේ. ඒ සඳහා ටික කලක් යයි. මේ පසුගිය දිනවල දැක්කේ එම සත්‍යයි. උඩු හුළඟට දමන දූවිලි ආපසු තම මුහුණට පෙරලා පැමිනෙයි.
උන් වහන්සේ මීට කලින් හෙළිදරව් කළ දේවල් කිසි කෙනෙක් ගණන් ගත්තේ නැ. දැන්වත් තේරැම් ගත්තානම් හොදයි .
ඇයි එක්කෙනෙක් විතරක්. අනික් හිරකාරයෝ ඔක්කොම යවන්න... කසිප්පු කාරයෝ, කුඩු කාරයෝ, මිනීමරුවෝ, හැමෝම.... අනේ රටට, ශාසනයට වෙච්ච දෙයක්...
ඉතාම හොඳ ක්‍රියාවක්. කලින් කළයුතුව තිබුණත් මේ අවස්ථාවේදී හෝ කළදේ ගැන සතුටුයි
දුර සිටින සතුරාට වඩා ලඟින් ඉන්න සතුරා ගැන අවධියෙන් ඉන්න ඔබ වහන්සේ...
ගොඩක් හොඳ තීරණයක්... මේ තීරණය කළින්ම ගන්න තිබුනේ. ඥානසාර හාමුදුරුවෝ පෙන්නා දුන්නු කරුණු ගැන කලින් හොයලා බැලුවා නම් අද අපේ රටට මේ වගේ විපතක් වෙන්නේ නෑනේ. ජනපතිතුමනි, ඔබ ගත් තීරණයට බොහොම ස්තූතියි.. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ..
දඬුවම ලැබුනේ සිංහල ජාතිය වෙනුවෙන් කතා කරලා නොවේ. උසාවියට අපහාස කරලා..
ඔබ වහන්සේ කරපු හැමදේම හරි... ටිකක් ඉවසීමන් කටයුතු කරන්න අපි සිංහල බෞද්ධ තමයි. හැමෝටම අපේ රටේ ජීවත් වෙන්න පුළුවන්.. රටේ නීතිය අනුව නීතිවල අඩුපාඩු තියෙනවා. ඒවා හදන්න ඕන ලාංකිකයන්ට ඕන විදියට පාසල් ඇතුලු රජයේ හැම ආයතනයක්ම නීති හදන්න ඕන රටට ඕන විදියට.. අනෙක් රටවල් වල නීති හදලා තියෙන්නේ එම රටවල් වලට ඕනෑ විදියට පිටරවලින් අහලා නෙමේ.. ඉතිරි ටික ත්‍රිවිධ හමුදාව බලාගනීවි විල්පත්තුව වගේ ඔබ වහන්සේ ටිකක් විවේක ගන්න.. බුදුසරණයි...
යන්තම් ඇති, බෝම්බ කන්නම උනා උන්වහන්සේ කියපු දේ ගැන අපේ ඇස් ඇරෙන්න, දැන්වත් ඇහුන්කන් දෙන්න හැම දේම විහිලුවට ගන්නේ නැතුව.
ඔබවහන්සේට තෙරුවන් සරණයි! ඔබ වහන්සේ එදා නොයෙක් අවලාද ඉවසමින් පුන පුනා කල අනතුරු ඇගවීම් බහුතරයක් ජනතාව පවා ප්‍රතික්ෂේප කලා. ප්‍රතික්ෂේප නොකලත් නෑසුන කන් ඇතිව සිටියා (ජාතිවාදී ලේබලයට බියෙන්). ඔවුන් දුටුවේ සෙව්වේ ඔබවහන්නේ කියන දේ ගැන නොවේ ඔබ වහන්සේගේ වැරදි තිබෙනවාද කියා පමනයි. ඔබ වහන්සේ ප්‍රකාශ කල සියල්ලක්ම සැබෑවක් බව සියල්ලන්ටම පසක් උනේ මිනිස් ජීවිත සිය ගානක් විනාශවී ගිය පසුවයි. අනතුර අහවර නැති බවත් මේ ආරම්භය පමණක් බවත් පැහදිලියි. ඒත් ඔබ වහන්සේ ඉතා ප්‍රවේශමෙන් ඉවසීමෙන් කල්පනාකාරීව ඉදිරියේදී කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සාදු !සාදු !
දැන් අඩු ටික බලා ගන්න පුළුවන් වෙයි
හාමුදුරුවන්ගේ ආරක්ෂාවට සිද්ද උන දෙයක් විදියටයි මට පෙන්නේ ඔය සිරගත වීම . හැම දේම වෙන්නේ හොඳට කියන්නේ ඕක තමයි. රටේ ගොඩාක් දෙනෙක් හාමුදුරුවෝ සමඟ ඉන්නවා
කුඩු දුමියට සමාව දෙනු ..මෝඩ චුන් මර නීති
ඔබ වහන්සේ ආරක්ෂාව ගැන වැඩි වැඩියෙන් සිතන්න තෙරුවන් සරණයි
රටට වින කරන කුමන්ත්‍රණ අප්‍රමාණයි. ඒ සියල්ල මර්දනය කිරීමට ඔබට ත්‍රිවිධ රත්නයේ පිහිට, ආරක්ෂාව ලැබේවා...!!!
ඔබතුමාට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ආවේගශීලී නොවී ජාතියට නායකත්වය දෙන්න.
හොඳ දෙයක්... මීට කලින් ගන්න තිබුණු තීරණයක්...
අද ලෝක බලවතුන් මෝඩ වූ ආගමික අන්තවාදය ඇතුළු සියලු අන්තවාදයන් තම බලඅරගලය අරබයා යොදවා ගන්නහැටි දකින ප්‍රායෝගික දේශපාලනඥයින් සියුම් ප්‍රඥාවෙන් හා උපාය කෞශල්‍ය ඥාණයෙන් ලෝක බලවතුන්ගේ උගුල්වල අසුවන අන්තවාදයින්ගෙන් තම රට මුදාගැනීමට ඇති එකම මග වන ඒ මෝඩ අන්තවාදයන් පාලනය කරමින් මුලිනුපුටා දැමීමට ක්‍රියාකරමින් එම අන්තවාදීන්ගේ දෝෂදර්ශනයට ලක්වේ. 1977දී බලයට පත් අතිශ්‍රේෂ්ඨ ජන නායකයා එම ලෝක බලවතුන්ගේ බල අරගලයෙන් රට මුදාගෙන සියලු මෝඩ අන්තවාදයන් පාලනය කිරීමට යොදා තිබුණු උපායන්ගේ ප්‍රතිඵලයක් ලෙස 2005 දී LTTE ත්‍රස්තවාදය නිමකිරීමට හමුදාපතිට හැකිවුවත් 2005 සිට අපරටෙහි වූ චීන බල ව්‍යාප්ත වීමට සමගාමීව මුස්ලිම් බලය ව්‍යාප්ත වූ සැටිත් ඒ තුළ IS ත්‍රස්තවාදය ක්‍රියාත්මක වී අැතිසැටිත් වත්මන් රාජ්‍ය නායකයින්ගේ කඹ ඇදගැනීම නිසා රජය අස්ථාවරවීම ප්‍රයෝජනයට ගනිමින් IS ත්‍රස්තවාදය උපයෝගයෙන් චීන - ඇමරිකා බලඅරගලය දියත්ව තිබෙන සැටිත් මේ බල අරගලය හමුවේ මෝඩ අඳබාල අන්තවාදීන් බෙරිහන් දෙමින් අන්ධකාරයේ අතගාන හැටිත් බලන්න. අනේ දුප්පත් ජනතාව අන්ත දුකට නොදමා කරපියව් හරි දෙයක්...
සිංහල ජාතිය සහ බුද්ධාගම වෙනුවෙන් පෙනීසිටීම වසර 19ක බරපතල වැඩ සහිත සිර දඩුවම් ලැබිය යුතු වරදකි. ඔබ වහන්සේ පිළිබඳව මහාවංසයේ ද ලියවෙනු ඇත.