(යොහාන් භාසුර)

ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට අද (21) පස්වරුවේ සමත් වූහ.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (21) දිනයේ පළමු තරගය ලෙස පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී තිසර පෙරේරා මෙහෙයවන ‘ජැෆ්නා කිංග්ස්’ පිල වනිඳු හසරංග මෙහෙයවන ‘කැන්ඩි ෆැල්කන්ස්’ පිල ලකුණු 24 කින් (ඩක්වත් ලුවිස් න්‍යායට) පරාජය කළේය.

කැන්ඩි ෆැල්කන්ස් පිල ඕවර 20 කදී කඩුලු 8 ට 143 (පැතුම් නිස්සංක 35, කමිඳු මෙන්ඩිස් 26, නජිබුල්ලා ශද්‍රාන් 22, මහේෂ් තීක්‍ෂණ 24/2, විජයඛාන්ත් වියස්ඛාන් 30/3) ජැෆ්නා කිංග්ස් පිල ඕවර 11 කදී කඩුලු 3 ට 98 (අවිෂ්ක ප්‍රනාන්දු 21, සදීර සමරවික්‍රම නොදැවී 15, දුනිත් වෙල්ලාලගේ නොදැවී 19, කාලෝස් බ්‍රැත්වේත් 32/2)