
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තරුණයන් ඉලක්ක කර මත්පෙති විකිණීමේ ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු රුපියල් ලක්ෂ දොළහකට ආසන්න වටිනා මත් පෙති තොගයක් සහ එම ජාවාරමෙන් උපයා ගත් බවකියන මුදල් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.
එම සැකකරු සන්තකයේ තිබී මත් පෙති 10000 ක් හා ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් 55000 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ නිවසක පදිංචි පුද්ගලයකු පාසල් සිසුන් හා තරුණයන් ඉලක්ක කර මත් පෙති විකිණීමේ ජාවාරමේ යෙදෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා වෙත ලද තොරතුරකට අනුව එම නිවස වටලා සැකකරු මත් පෙති තොගය සමග අත්අඩංගුවට ගත් බව පොලිසියකියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd