(ශන්ත රත්නයක)

ජීවන වියදමට විසැදුම් ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති සාමාජිකයෝ පිරිසක් මුදල් අමාත්‍යාංශ ලේකම්ට අද ලිපියක් බාර දුන්හ.

ජීවන වියදම උහුලන්න බෑ - උද්ධමන දීමනාවක් ලබාදෙන ලෙසත්, ප්‍රවාහන දීමනාවක් ලබාදෙන ලෙසත්, බඩු මිල, ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබාදෙන ලෙසත්, අදහස් ප්‍රකාශනයට වැට බදින චක්‍රලේඛ අහෝසි කරන ලෙසත් ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති ඉල්ලා සිටියේය.

ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ නියෝජිත සංකා රාමසිංහ, ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ දේවිකා කොඩිතුවක්කු, රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ නිලධාරින්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුනිල් ගමගේ, අතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ.