
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මේ රටේ පංච මහා බලවේගය ජීවත්වීමේ අයිතිය ඉල්ලා මහ පාරේ සටන් කරද්දී , ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් එහි ප්‍රතිපත්ති අමතක කොට දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් කටයුතු කිරීම නිසා තම හෘද සාක්ෂියට එකඟව තවදුරටත් එහි රැඳී සිටීමට නොහැකි බැවින් තමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් හා පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව, ශ්‍රී ලංකා නිදහස්පක්ෂ උප සභාපති හා කැස්බෑව ආසනයේ ප්‍රධාන සංවිධායක , හිටපු අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා පවසයි.
වසර 35ක් පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරී දේශපාලනයේ කළා. නමුත් මම අද ඉතාමත් කණගාටුදායක තීරණයක් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් හා වගකීම්වලින් ඉල්ලා අස්වීමට මා තීරණය කළා. ඒ බව පක්ෂයේ ලේකම්වරයාට ලිඛිතව දැන්ව්මට මා පියවර ගත්තා.
ඇත්තෙන්ම මේ තීරණය ගන්න හේතු ගණනාවක් තිබුණා . අද වෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ට කුමාරණතුංග භීතිකාවක් තිබෙනවා . ඒ නිසා ඔවුන් අපිට විවිධ කෙනෙහිලිකම් කරනවා. කාලයක් තිස්සේ ඒව අමාරුවෙන් ඉවසා දරාගෙන හිටියා . බැරිම තැන තමයි මම මේ තීරණය ගත්තේ .
කොළඹ දී අද (22) දා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ජීවන් කුමාරතුංග මහතා මේ බව පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේ ශ්‍රීලනිපය හොඳටම පිරිහිලා. එහි වර්තමාන නායක ඇත්තන්ට කිසිඳු ප්‍රතිපත්තියක් නැහැ. පිටකොන්දක් ඇත්තේද නැහැ. ජීවන් මහතා විසින් ගත් තීරණය නිවැරදියි. කිසිදා ගොඩ නොඑන පක්ෂයක හිඳ තවත් ඵලක් නැහැ කියලා හිතෙනවා ඇති. ඒ අදහසේ කිසිඳු වරදක් නැහැ...
පොහොට්ටුවට පනිමුද? එයාලගෙන් නම් කෙණෙහිලිකම් නෑ නේද?
හොඳන අදහස, යස අදහස... හැමදාම මිනිස්සුන්ට කොකා පෙන්න පෙන්න තමයි හිටන් සූදානම් වෙන්නේ. කවුරු කවුරුත් හිටන්ට කොකා පෙන්නුවේ නැතිනම් හැමෝම අනාථ වෙනවා ශුවර්...!
දැන්වත් තේරුණු එක හොඳයි...
අනේ හොඳයි. ලොම් හැලුණාට පස්සේ වෙන මොනවා කරන්නද ඉතින්...?
අපි ජීවන් අතහැරලා බොහෝම කල්...!
ඉතිං අපට මොකෝ..!
පංචමහා බලවේගය දැන් නෑ. දැන් ඒ අය අසූචි තවරාගෙන ඉවරයි. ගඳ ගසන එවුන් රටට ආදරය කරන එවුන් නොවේ.
දැන් ඉතින් පොහොට්ටුවට යන්න.... වාසි පැත්ත ඒකනේ...!