( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
හෙරොයින් ග්‍රෑම් 9.64 ක් සිය සන්තකයේ තබා ගැනීම සහ වෙළදාම කිරීමේ චෝදනාවන්ට වරදකරුකර කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමවී වසර 2කට ආසන්න කාලයක් සිර දඩුවම් ලබමින් සිටි චූදිතයෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කරන ලැබ ඇත.
අධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ මේ සිද්ධිය පිළිබදව ප්‍රධාන සාක්කිකරුවන් වන මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ සාක්කි පිළිබද විශ්වසනීයත්වයක් තැබිය නොහැකි බව අධිකරණය තීන්දු කරමිනි. මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ
තමා පැනවූ සිර දඩුවමට එරෙහිව කොළඹ 14 , පදිංචි අසංක ප්‍රනාන්දු හෙවත් සංජීව නැමැති චූදිතයෙකු ගොනු කර තිබූ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ප්‍රකාශය පත් කෙරිණි.
එම තීන්දුවේ මෙසේද සදහන් වේ.
හෙරොයින් ග්‍රෑම් 9.64 ක් සන්තකයේ තබා ගැනීමේ හා වෙළදාම් කිරීමේ චෝදනාවන්ට කොළඹ මහාධිකරණය මගින් වරදකරුවන් කොට පෙත්සම්කාර චූදිතට නියෝග කර තිබිණි.එම තීන්දුවෙන් අගතියට පත් පෙත්සම්කාර චූදිත විසින් මෙම අභියාචන පෙත්සම අධිකරණය හමුවේ ගොනු කරන ලදී.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී පැමිණිල්ලේ ප්‍රධාන සාක්කිකරුවන් සාක්කි අනුව 2013 අප්‍රේල් 25 වැනි දින පෙත්සම්කාර චූදිතයා මහවත්ත ඔර්ලෝසු කණුව අසලදී පෙත්සම්කාර චූදිත අත්අඩංගුවට ගත් බව අධිකරණය හමුවේ සාක්කි දී ඇත.
එහෙත් පැමිණිල්ලේ තවත් සාක්කිකරුවෙක් කියා සිටිනුයේ පෙත්සම්කාර චූදිතයා එඩේරමුල්ල ප්‍රදේශයේ අත්අඩංගුවට ගත් බවය.විත්තියේ ප්‍රධාන තර්කය වූයේ පැමිණිල්ලේ සාක්කිකරුවන් ගේ විශ්වසනීයත්වයක් නැති බවය.
පෙත්සම්කාර චූදිතයා විත්ති කූඩවේ සිට කළ ප්‍රකාශකයෙන් කියැවූයේ ඔහු උදෑසන අත්අඩංගුවට ගෙන පොලීසිය ඔහුව විවිධ ස්ථාන වලට රැගෙන ගොස් පහර දුන් බවය.
මේ අනුව ඉදිරිපත් වූ සාක්කි අනුව පෙනී යන්නේ මෙම මෙහෙයුමට සහභාගී වූයේ ප්‍රධාන පොලිස් නිලධාරීන් ගේ සාක්ෂි වල විශ්වසනීයත්වය පිළිබද ගැටලු සහගත තත්ත්වයක් ඇති බවය.
ඒ අනුව පෙත්සම්කාර චූදිතගේ අභියාචන පෙත්සමට අවසර දෙමින් ඔහුව නිදොස් කොට නිදහස් කරන බවද තීන්දුවේ සදහන් වේ.
පෙත්සම්කාර චූදිත වෙනුවෙන් නීතීඥ නිරංජන් ජයසිංහ මහතා පෙනී සිටියේය.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඒ.නවාවි මහතා පෙනි සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් වෙලාවට වෙන්නේ පොලීසිය එක්ක කටගහගෙන යන අයව මත්ද්‍රව්‍ය තිබුණා කියලා හිරේ යවන්න වැඩ සලස්වන එක.
අපේ තාත්තා නිතර කියන දෙයක් තමයි ලයිෂන් තියෙන අපරාධකාරයිනුත් පොලිසියේ ඉන්නවා කියලා
නියමයි. බිස්නස් එකත් ඉස්සරහට බය නැතුව කරගෙන යන්ඩ හැකිවේවා ! අනේ වාසනාවන්?
මෙහෙමනේ ආණ්ඩු මාරුවෙනකොට නඩු තීන්දු වෙනස් වෙනවා
හරිම සාදරනයි.අර කුඩු දුමියට වගෙ ආන්ඩුවේ ලොකු තනතුරක් නම් ලැබෙන එකක් නැහැ. මොකද මේ මනුස්සයා අහින්සකයෙක්නේ..
ලබන සැරේ ඡන්දෙදී පොහොට්ටුවෙන් නාම යෝජනා දෙමු නේද?