
(ජයන්ත සමරකෝන්)
ජීවිත තර්ජන එල්ල වී ඇති බන්ධනාගාර නිලධාරීන් රැසකට ගිනි අවි ලබාදීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන ඇත.
මෙම නිලධාරීන් සඳහා මිලිමීටර-9 වර්ගයේ පිස්තෝල ලබාදී තිබේ.
ඒ අනුව, වැලිකඩ, මැගසින්, කොළඹ රිමාන්ඩ්, මීගමුව, බූස්ස, අගුණකොළ පැලැස්ස බන්ධනාගාරවල සහ බුද්ධි අංශයේ ප්‍රධානීන්ට එම පිස්තෝල නිකුත් කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාරවණය කරයි.
ජීවිත තර්ජන එල්ල වී ඇතැයි කියන උසස් නිලධාරීන් කිහිපදෙනෙකුට මෙහිදී ගිනි අවි ලබාදී පැවසේ.
මෙම ගිනි අවි පිළිබඳව විශේෂ පුහුණුවක් 1වැනිදා හොරණ-කුඹුක ප්‍රදේශයේ පිහිටි සිවිල් ආරක්ෂක බලකා පුහුණු මධ්‍යස්ථානයේදී ආරම්භ වූ අතර, ඊයේ(03) එම පුහුණුව අවසන් වූ බවද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd