
(අංජුල මහික වීරරත්න)
අවශ්‍ය සහන දෙමින් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට නම් ප්‍රාදේශීය මට්ටමේ නිලධාරීන්ගේ කාර්යක්ෂම සහයෝගය අවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවා ය.
ජන ජීවිතය සමාන්‍ය තත්ත්වයට පත්කිරීම සඳහා ලබාදිය හැකි උපරිම සහන සහ ප්‍රතිපාදන රජය ලබා දෙන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.
අවතැන් ජනතාව වෙත සහන ලබාදීමේ සහ ජන ජීවිතය යථාතත්ත්වයට පත් කිරීමේ කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහනුවර උඩපළාත ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවති ආපදා කළමනාකරණ කමිටු සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවැසුවා ය.
ගෙලිඔය, උඩපලාත, දොළුව ප්‍රදේශවල ආපදාවෙන් සිදුවූ හානිය සහ සහන සැපයීම් කටයුතුද අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක්විය.
උඩපළාත සහ දොළුව ප්‍රදේශයේ විදුලිය බිඳවැටීම් බොහෝ දුරට යථාතත්වයට පත්කර ඇති බවත්, ප්‍රධාන මාර්ග මේ වනවිට විවෘතව පවතින අතර අනෙකුත් ග්‍රාමීය මාර්ග පිරිසිදු කරමින් පවතින බවත් මෙහිදී නිලධාරීහු කීහ.

2025 දෙසැම්බර් මස 04
700
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජීවිත ගොඩනගන්න නිලධාරීන්ගේ කාර්යක්ෂම සහය අවශ්‍යයි
ගුණරත්න Monday, 08 December 2025 09:55 PM
ජලගැල්ම සහ කුණාටුව ගැන අනතුරු ඇඟවීම් ඇවිල්ලා තියෙද්දීත් සෙල්ෆි ගහ ගහ හිටි දේශපාලකයෝ වගේ අකාර්යක්ෂම නොසැලකිලිමත් පිරිස් ගැන මොකද කියන්නේ අගමැතිතුමිය?