
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
නවීන තාක්ෂණයෙන් යුත් මධ්‍යගත ජෛව තාක්ෂණ පසුබිමක් ස්ථාපිත කිරීම නව නිපැයුම්කරුවන් වෙත තාක්ෂණ බිජෞෂණ පහසුකම් සැපයීම හරහා ජෛව තාක්ෂණ කර්මාන්තය වේගවත් කිරීම සඳහා නවෝත්පාදන සංස්කෘතිය වර්ධනය කිරීම, ගෝලීය වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීම සඳහා නව ජෛව තාක්ෂණ කර්මාන්තය දියුණු කිරීම සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට පුනර්ජනනීය ඖෂධ හඳුන්වා දීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස භාණ්ඩාගාරයේ පූර්ණ කොටස් හිමිකාරිත්වයෙන් යුතුව ස්ථාපිත ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංගය යටතේ පවතින ආයතනයකි.
එම ආයතනය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලය අතර පර්යේෂණ හා උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්ගේ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පර්යේෂණ, නවෝත්පාදන, අධ්‍යාපන සහ සංස්කෘතිමය හුවමාරු උදෙසා පහසුකම් සලසා ගැනීමේ අපේක්ෂාවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත.
ඒ අනුව, දෙපාර්ශ්වය අතර එකී අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රි ලංකා ජෛව තාක්ෂණ ආයතනයේ වෙබ් අඩවියේ දැක්වෙන දුරකථන අංකය 94 11 343 1844 වෙත ළඟා විය නොහැක. මම 1919 ට කෝල් කරපු වෙලාවේ මම නම්බර් එක ඉල්ලුවා. එයාලට එකම විසන්ධි වෙච්ච නම්බර් එකක් තිබ්බා. කාට හරි නම්බර් එක දෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අවම වශයෙන්, අපගේ තේරී පත් වූ නව රජය සමඟ, රජයේ සේවාවන් වඩාත් නිවැරදි හා කාර්යක්ෂම විය යුතුය.
ඔය ඇමරිකන් අය විශ්වාස නැහැ, ඇයි කියුබාව එක්ක ඔය වැඩේ බැරි? චීනේ එක්ක බැරිද? චීනේ කියන්නේ දැන් ලෝකේ වැඩියෙන්ම පේටන්ට් ගන්න රට...