IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජීව උණ්ඩ721 ක් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)

වවුනියාව සෙට්ටිකුලම නේරියකුලම ප්‍රදේශයේ නිවසක් අසල සඟවා තිබූ ටි 56 වර්ගයේ ජීව උණ්ඩ 721 සමඟ සැකකරුවන් දෙදෙනකු ඊයේ (02) පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අත්අඩංගුවටගත් බව පොලිසිය කියයි.

පසුගිය 21 වැනිදා කිරිබත්ගොඩදී ටි.56 ගිනි අවියක් සහ පතොරම් ගැබක් සමඟ අත්අඩංගුවටගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ටි.56 ජීව පතොරම් සමඟ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ එම විමර්ශනවලට අදාලව පසුගිය 22 වැනිදා වවුනියාව නේරියකුලම ප්‍රදේශයේදී සැකකරුවකු අත්බෝම්බ 84 ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවටගනු ලැබූ අතර ඔහුගෙන්ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් දෙදෙනා පිළිබඳ කරුණු අනාවරණයවී ඇතැයි පොලිසිය පැවසීය.

එක් සැකකරුවකුගේ නිවස ආසන්නයේ වළදමා තිබියදී ජීව පතොරම් 621 සහ අනෙත් සැකකරු සන්තකයේ තිබී ජීව පතොරම් 107ක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් සොයාගත් බවත් පැවසීය.

         

 



අදහස් (2)

ජීව උණ්ඩ721 ක් සමඟ දෙන්නෙක් අත්අඩංගුවට

fairoos Sunday, 03 August 2025 05:19 PM

කොහොමද අප්පා මෙච්චර ආයුධ සහ පතරම්... පොලීසිය සහ හමුදාව ඉන්න අයගැන සෝදිසියෙන් ඉන්න වෙයි.

:       1       2

Bunny Preena Monday, 04 August 2025 02:37 PM

ලොකු ජාලයක් වගේ පේන්නේ... තව කොහේ කොහේ ආයුධ සහ පතරොම් හංගලා තියෙනවද දන්නේ නෑ. ප්‍රශ්න කරගෙන යනකොට තවතවත් කරුණු එළිවෙයි... කොළඹටත් ව්‍යාප්ත වෙලා ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 10 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site