
(කාංචන කුමාර ආරියදාස)
මාතලේ වෑමැඩිල්ල ජලාශයේ සිට වයඹ පළාතට ජලය රැගෙන යෑම සඳහා ඉදි වෙමින් පවතින වයඹ ඇල ව්‍යාපෘතිය හේතුවෙන් ගලේවෙල පහළ බම්බාව බෝ ගස්යාය ගම්මානයේ ජනතාවගේ දෛනික ජන ජීවිතය පවා අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ඔවුහු පවසති.
මෙම පහළ බම්බාව බෝගස්යාය ගම්මානයට පිවිසුම් මාර්ගය හරහා වයඹ ඇල ඉදිකිරීම හේතුවෙන් වසර හතරකට පෙර සිට මෙම ගම්මානයට ගමන් කිරීමට විකල්ප මාර්ගයක් මහවැලි අධිකාරිය මගින් ඉදිකර දුන්නද මාර්ගයේ මේ වන විට වාහනයකට හෝ පයින් ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක් පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති.
මෙම හේතුව නිසාවෙන් ගම්මානයේ පවුල් තිස් හතක් පමණ දෙනා ගේ දරුවන්ගේ පාසල් ගමනට සහ අනෙකුත් සියලු ප්‍රවාහනවලට බාධා එල්ල වී තිබෙන බව ඔවුහු වැඩිදුරටද පෙන්වා දෙන අතර ගම්මානයේ වසර හතරක සිට අඩුම තරමේ ආවා විවාහයක් හෝ සිදුවන්නේ නැති බවද ඔවුන් පෙන්වා දෙති.
මෙම ප්‍රදේශයෙන් භූගතව වයඹ ඇළ ගමන් කරන බවත් ඉඩම් යටින් භූගතව ඇල මාර්ග දෙකක් තිබීම හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ නිවාස ඉරිතලා යන බවද ඔවුහු පෙන්වා දෙති.
එමෙන්ම මෙසේ නඩත්තු කටයුත්තක් නොකිරීම නිසා ඇළ මාර්ගය දෙපස මාර්ග ගිලා බැස ජලය බැස නොයන නිසා ජලයෙන් නිවාස යටවෙන බවද ඔවුහු පෙන්වා දෙති.
තමන්ගේ කුඹුරු ප්‍රදේශයට පාසලට ගමන් කිරීමට මීටර් සියයකින් පා ගමනින් ගමන් කිරීමට තිබුනද මෙවන විට තමන්ගේ කුඹුරට පාසලට ගමන් කිරීම සඳහා ත්‍රි රෝද රථයකින් රුපියල් 600 මුදලක් ගෙවා යුතුව තිබෙන බවද ඔවුහු කියති.

2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
878
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ජලාශයක් නිසා ගලේවෙල වැසියෝ පීඩාවට
Fernando Saturday, 25 January 2025 08:00 AM
කෝ අර උමා ඔයේ හිල හොයපු කෙනා. දැන් එයාට හිල් පේන්නේ නැද්ද? ඒ කාලේ නම් කවි, ගී, ගායනා, වස් කවි කියාගත්තු ගමන්මයි.