(නිමන්ති රණසිංහ,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
මහාපරිමාණ හෙරොයින් ඡාවාරම්කරුවකු ව සිටි ‘අංගොඩ ලොක්කා’ ගේ ගෝලයකු වූ ‘ජිලේ’ නමැත්තාට අයත් රුපියල් කෝටි 32කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 12 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (14) මුල්ලේරියාව බාරොන් තිලකරත්න මාවතේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම හෙරොයින් තොගය සමඟ සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
ඉදිරි විමර්ශන සදහා සැකකරුවන් සහ හෙරොයින් තොගය මුල්ලේරියාව පොලීසියට භාරදීමට නියමිත බවද විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.
පොන්නම්පෙරුම ආරච්චිගේ ධනුෂ්ක බුද්ධික නොහොත් ‘ජිලේ’ නමැත්තා මේ වන විට ඉන්දියාවට පලාගොස් සැගව සිටින බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇතැයි වාර්තා වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිසැකවම මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිසිය විසින් ජාවාරම් කරුවන්ට නැවත ගෙනගොස් බාරදෙනු ඇත. ඉන්පසුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසනු ඇත්තේ අත්අඩංගුවට ගත් පාන් පිටි රොටි පුළුස්සාගෙන කෑම සඳහා නැවත ගෙනගොස් බාරදුන් බවයි...