IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජූලි චංග් අගමැතිනි හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති  ජූලි ජේ. චන්ග් මහත්මිය අතර හමුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීය. 

එක්සත් ජනපද විදේශ ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමේ ක්‍රමවේදයන්  සහ දෙරට අතර තිරසර සහයෝගීතාව සඳහා දායක විය හැකි මාර්ග පිළිබඳව  මෙහිදී  සාකච්ඡා විය.

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් පුළුල් සමාලෝචනයක් බලාපොරොත්තුවෙන් සිටින, විදේශ ආධාර සඳහා මෑතකදී පනවා ඇති මාස තුනක තාවකාලික අත්හිටුවීම් නියෝගය පිළිබඳව නියෝජිත පිරිස අග්‍රාමාත්‍යවරියට මෙහිදී පැහැදිලි කළහ. 

විශේෂයෙන් කාන්තාවන් සඳහා වන සුරැකුම් නිවාස ව්‍යාපෘතිය වැනි ප්‍රධාන සංවර්ධන වැඩසටහන් කෙරෙහි බලපෑම සහ ආධාරක යාන්ත්‍රණය කඩාකප්පල් වුවහොත් ඇතිවන පුළුල් මානුෂීය ගැටළු සඳහා ලබාගත හැකි විසඳුම් පිළිබඳව මෙම සාකච්ඡාවේදී  අවධානය යොමු විය.



අදහස් (4)

ජූලි චංග් අගමැතිනි හමුවෙයි

Suneth Friday, 23 May 2025 09:15 AM

මේක තව අවුරුදු පහක් විතර තියෙයි. ඇමරිකාව කාල, ලෝකෙ තව රටවලුත් විනාශ කරල ට්‍රම්පච්චි රට ගොඩනගල යනකන් ඉන්න වෙනවා. ඊට පස්සේ ඩිමොක්රට්ස්ල දිනල මේ වැඩසටහන් වගේම ආර්ථිකේත් හදනවා.

:       7       12

අරවින්ද මොණරවිල Friday, 23 May 2025 09:26 AM

මෙතෙක් කලක් ලංකාව සිටි ඇමරිකානු තානාපති වරුන්ට වැඩිය වෙනසක් ජුලි චං ගෙන් දැක ගන්නට පුළුවන්, ඇය ඇත්තටම ලංකාවට ආදරය කරන බවක් පෙනෙනවා. නමුත් ඇයට වැඩ කිරීමේදී ඇමරිකානු ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට අනුකූලව කටයුතු කරන්න සිද්ධවෙලා ඇති.

:       16       14

ඩොලර් මිලියනයක් එවපු ජයශාන්ත අයියා Friday, 23 May 2025 03:14 PM

ගවුමකින් සැරසුණු විදෙස් කාන්තාවක්, සාරියකින් සැරසුණු දේශීය පිරිමියෙක් සමඟ...!

:       3       4

කන්ටේනර් 323ක් හොරෙන් පිටකරපු එකා Friday, 23 May 2025 03:17 PM

තේ පැන් සංග්‍රහයට තිබුනේ පැණි ආප්පද?

:       3       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site