
(අංජුල මහික වීරරත්න)
ජල ගාස්තු අඩු කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් දැනට පවතින ජල ගාස්තු 2023-08-01 දින සිට ක්‍රියාත්මක කරනු ලබන අතර, එම ගාස්තු සමාලෝචනද කිරීම සඳහා ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය ක්‍රියාත්මක කිරීම පිණිස 2024-07-15 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
2024-07-16 දින සිට ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු අඩු කරනු ලැබ ඇති බැවින් සහ ඉන්ධන, රසායනික ද්‍රව්‍ය හා පොලී පිරිවැය යනාදියෙහි පිරිවැය අඩු වීම සැලකිල්ලට ගනිමින් ජල ගාස්තු යම්ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව රජය පවසයි.
ඒ අනුව සමෘද්ධිලාභීන් සහ නාගරික වතු ජනාවාස හැරුණු කොට ගෘහස්ථ කාණ්ඩය සඳහා සියයට හතකින් ද රජයේ රෝහල් සඳහා සියයට 4.5 කින් ද , පාසල් සහ පුණ්‍යායතන සඳහා සියයට 6.3 කින් ද ජල ගාස්තු අඩු කිරීමට නියමිතය.
මෙහි සමස්ත අඩු කිරීමේ සාමාන්‍ය සියයට 5.94කි.
මෙම ජල ගාස්තු සංශෝධනය කිරීම පිණිස ජලසම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.