IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ජර්මනියේ අගුළු දැමීමේ සීමා දීර්ඝ කරයි

ජර්මනියට දැනට පනවා තිබෙන අගුළු දැමීම් සීමා තවදුරටත් දීර්ඝ කිරීමට එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

දැනට පනවා තිබෙන දැඩි සීමා මධ්‍යයේ වුවද දිගින් දිගටම වයිරස ආසාදිතයන් වාර්තා වීමත් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන ඉහළ යෑමත් හේතුවෙන් මෙලෙස ලොක්ඩවුන් සීමා පැනවීමට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබේ.

ජර්මනිය යනු යුරෝපයේ විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටයි. ජර්මනියෙන් පළමු වරට දෙසැම්බර් 30 වැනිදා වයිරස ආසාදිත මරණ 1,000 ඉක්මවා වාර්තා වූ අතර ඒ අනුව එම තත්ත්වය පාලනය කරගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නැයි ජර්මානු ආණ්ඩුවට දැඩි පීඩනයක් එල්ල වී තිබේ.

ජර්මනියෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 34,000 ඉක්මවයි.

ජර්මානු චාන්සල්ර් ඇන්ජෙලා මර්කෙල්, ජර්මනියේ ප්‍රාන්ත 16 නායකයන් සහ ප්‍රාදේශීය බලධාරීන් අද (5) හමුවීමට නියමිත අතර එහිදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ජර්මනිය දැනට අර්ධ එහෙත් දැඩි ලොක්ඩවුන් සීමා පනවා තිබෙන අතර එම සීමා ජනවාරි 10 වැනිදායින් අවසන් වීමට නියමිත ය. කෙසේ නමුත් අද පැවැත්වෙන සාකච්ඡාවේදී එම සීමා මේ මාසය අග දක්වා දීර්ඝ කිරීමට පියවර ගැනෙනු ඇතැයි වාර්තා වේ.

‘‘ආසාදිතයන්ගේ ගණන වැඩි වෙන නිසා අපට සීමා දීර්ඝ කරන්න සිදුවෙනවා’’ යැයි ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය යෙන් ස්පාන් පැවැසීය.

දැනට පවතින දැඩි සීමාවලට අනුව නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේදී පාසල්, ආපනශාලා, සංස්කෘතික සහ නිවාඩු නිකේතන, උද්‍යාන ඇතුළු කඩසාප්පු රැසක් වසා දමා තිබිණි. ඊට අමතරව නත්තල් සහ නව අවුරුදු උත්සව සමයේදී මහජන ඒක රැස්වීම් ද සීමා කර තිබිණි.

උත්සවයේ සංචාරක කටයුතු මහජනතාවගේ එක් රැස්වීම් යනාදිය නිසා කොතරම් පිරිසකට වයිරසය පැතිර ගොස් ද යන්න තවමත් නිශ්චිතව කිව නොහැකි බවත් ඒ සම්බන්ධයෙන් කිව හැක්කේ ජනවාරි මාසයේ මැදභාගයේදී බවත් ජර්මානු බලධාරීහු කීහ. කෙසේ නමුත් දැනට ලැබී තිබෙන සංඛ්‍යා දත්ත කනස්සල්ලක් ඇති කරන බව ද ඔවුහු පැවැසූහ.

 


ඒ.එෆ්.පී./රොයිටර්

055



අදහස් (1)

ජර්මනියේ අගුළු දැමීමේ සීමා දීර්ඝ කරයි

රුවනි Tuesday, 05 January 2021 08:49 AM

ඇත්තටම හරිම අමාරු කාලයක්. අපි ජීවත් වන රට, ඉතාම හොඳ, දක්ෂ, අවංක පාලකයන් ඉන්නේ!

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31542 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13900 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11074 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 159 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1079 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 303 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site