
ඇෆ්ගනිස්තානය යළි තලේබාන්වරුන් අතට පත් වේවි යැයි කල්තියා බියට පත් වී, පසුගිය දෙසැම්බරයේ ජර්මනිය බලා ගිය ඇෆ්ගන් රජයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍ය සයීද් සදාත්, අද ජර්මනියේ ලිබ්සිග් නුවර ආහාර සහ බඩු බාහිරාදිය බෙදා හරින්නකු ලෙස රැකියාව කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇෆ්ගන් රජයේ සන්නිවේදන කටයුතු අමාත්‍ය ධුරය හෙබවූ සයීද් සදාත් එම ධුරයෙන් ඉවත් වූයේ 2018 වසරේදීය. ඉන්පසු ඔහු විදෙස්ගත වීමට වැඩි උනන්දුවක් දැක්වීය.
2020 ජනවාරියේ ඔහුට ජර්මනිය බලා පැමිණීමට අවස්ථාවක් ලැබුණු අතර, දැන් ඔහු තැඹිලි පැහැති නිල ඇඳුමින් සැරසී, පා පැදියන නැගී ලිබ්සිග් නුවර භාණ්ඩ බෙදා හරින්නකු ලෙස රැකියාව කරන්නේ මහත් සතුටින් මෙන්ම සැහැල්ලුවකිනි.
'මගේ ඥාතීන් වැඩිය මේ රස්සාවට කැමැති නැහැ. ඒත් මේක මට හොඳ රස්සාවක්. මා බොහොම ආසාවෙන් තමයි මේ රස්සාව කරන්නේ. මා අත්විදින්නේ සැහැල්ලු ඒ වගේමයි හරිම නිදහස් ජීවිතයක්.' යැයි 49 හැවිරිදි සයීද් සදාත් රොයිටර් පුවත් සේවය සමඟ පවසා තිබේ.
'දේශපාලනඥයෝ දේශපාලනයෙන් සමුගත්තත් කළ යුත්තේ ජනතා සේවයයි. මා දේශපාලනය කළේ මුදල් උපයන්න නොවෙයි. ගරු නම්බු නාම වෙනුවෙන් නොවෙයි. ජනතාව වෙනුවෙන්. මේ රැකියාව හරහාත් දැන් මා කරන්නේ මාගේ සේවය ලබා දීමයි.' යැයි සයීද් සදාත් පවසා ඇත.
සයීද් සදාත් ජර්මනියට පැමිණ සිටින්නේ ඔහුගේ දරු පවුල ද සමඟය.
තිලිණි ද සිල්වා
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකට මෙහේ.පැන්ෂන් ගියත් කර ගහහෙන යන්න වෙලා තියෙන්නේ ජනතාවට
ඕක මොකද්ද? අපේ එක්කෙනෙක් තව කොහෙද ගිහින් ෂෙඩ් එකක පැට්රල් ගැහුවේ... දැන් කොහොමද එයා ඉන්න තැන. ජීවිතේ කියන්නේ ඕවා තමයි.
ආදර්ශමත් පුද්ගලයෙක්...
සුපිරි වැඩ්ඩෙක්
ඇයි අපිටත් ඉන්නෙ....
මිනිසුන්ගේ හැඩරුව, වයස, කරන හෝ කල රැකියාව අනුව මිනිසුන්ට ගරහන සමාජයක් පිරිහීමේ ලක්ෂණ.
නිහතමානී කෙනෙක්. කොහොම උනත්, එහේ හිටියා නම්, මෙලහකටත් ත්රස්තයන්ගේ ගොදුරක් වෙලා. අපේ රටේත්, බොහොම නිදහස් අයිතිවාසිකම් භුක්ති විඳින ගමන්ම එහි අගය නොදන්නා සහරාන් හිතවාදීන් සැබෑ යථාර්ථය වටහාගෙන ජීවත් උනොත් හොඳයි. ත්‍රස්ථවාදීන් නිසා නිරපරාදේ අහිංසක මුස්ලිම් ජීවිත කීයක් නම්, විනාශ වුණාද ? අර පුංචි දරුවන්, කාන්තාවන් ඇතුළු සියළුම දෙනා පත්වී ඇති තත්ත්වය ගැන හිත් පිත් ඇති කෙනෙකුට බලන්න නම් බැහැ. අහිංසක සාමකාමී මුස්ලිම් ජනතාව ආරක්ෂා වේවා ... !!!
ඕක කිවුවා කියල අපේ අය අහුවෙයි ඕවට . අපේ අය එච්චරටම "මෝඩ "නැහැ.
කල් තියලාම නැව ගිලෙනවා කියලා දැනගෙන හොරෙන්ම පැනගත්තු මේවගේ නිවට නායකයින් නිසා අද කොයිතරම් ඇෆ්ගන් වැසියන්ගේ ජීවිත අඳුරු වුණාද? ඉන්නකම්ම මහජනයාගෙන් යැපිලා තත්වේ නරක් වෙනකොට රටින් පැන්න මේ වගේ නිවටයින් මනුෂ්‍යත්වයට නින්දාවක්...
ඔක්ස්ෆර්ඩ් උපාධියකුත් තියනවාලු, අපරාදේ. ලංකාවේ නම් හැබැයි, අපි පාර්ලිමේන්තු යවන්නේම කරත්ත වලින් යන අය. අවුරුදු 5කට පස්සේ යන්නේ V8 එකක... ගෙවල් ෂැංග්‍රිලා වගේ හෝටල්වල... ඊට පස්සේ රටට බරක්...
බොහෝ දේශපාලනය කරන අයට ඉන් ඉවත් වුවහොත් ඉතිරි වන්නේ මෙවැනි රැකයාවකි. අපේ රටේ කට්ටිය පරම්පරා කීපයකටම හම්බකරගන්නේ මේ නිසානෙ.
අවුරුදු 20 තිස්සේ ඇමරිකාව ඇෆ්ගනිස්තානය දියුණු කරන්න වියදම් කරපු ඩොලර් කන්දරාව හොරකම් කලේ ඔය ඇෆ්ගන් දේශපාලකයින්... ඊට පස්සේ ඒ සල්ලි අරන් ජනතාව තලේබාන්ලාට බිල්ලට දීලා සේරම හිමිහිට මාරු වුණා. දැන් ලෝකෙට පේන්න බයිසිකලේ පැද්දාට සිවිස් බැංකු වල සල්ලි අදින්නේ හිමීට. ලංකාවේ දේශපාලකයෝත් කවදාහරි කරන්නේ ඕකම තමයි. ද්විත්ව පුරවැසියන් ගිහින් නෙට්වර්ක් ඇඩ්මින්ලා වුණේ. අපි නොදන්න දේශපාලනය... අහුවෙන්න එපා මේවාට...
ඇමැති කෙනෙක් කියන්නේ උගතෙක් නෙමෙයි.. ඒත් අපේ රටේ දොස්තර විභාගය සමත් තරුණයෝ ජර්මනියේ, ස්විට්සර්ලන්තයේ ‘‘පීසා ටැක්සි‘‘ එළවනවා.
ඒකට අපේ අය... මැරිලත් දාලා යන්නේ නැහැ.
එහෙම තමයි දේසේ හැටියට වාසේ. නැතුව ජර්මනියේත් එයාට ඇමතිකමක් ලැබෙන්නේ නැහැ . ලංකාවේ ගොයියෝ තමයි මෙහෙ ඩිග්රියක් තියෙනවානම් පිටරට ගිහිල්ලත් දේපාර්තමේන්තු ලොක්කෝ වෙන්න හදන්නේ. අන්තිමට ෂෙඩ් වල පැට්‍රොල් ගහනවා.
ඒ ඇමතිවරයට උපාධියක් එහෙමත් තියනවලු. ඒකට අපේ සිරි ලන්කාවේ , මොනවා උනත් රට පාලනය කරපු නායකයා කලින්ම රට පැනලා, පව් අහින්සක ජනතාව .