IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ජෙරම් ප්‍රනාන්දුගේ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට නිතීපති විරෝධය

(රන්ජන් කටුගම්පොළ)

බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස කරන ලදැයි චෝදනා කරමින් තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවරා ඇති නඩුව බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා අභියාචනාධිකරණයේ ගොනුකොට ඇති පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට නීතිපතිවරයා සිය විරෝධතාවය ප්‍රකාශ කළේය.

නීතිපතිවරයා මෙසේ විරෝධතාවය පළ කළේ ජෙරම් ප්‍රනාන්දු දේව ගැතිවරයා ගොනුකොට ඇති රිට් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්  සමරකෝන් මහතා හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම රිට් පෙත්සමෙහි වගත්තකරුවන් වශයෙන් රහස් පොලිස් අධ්‍යක්ෂක, වැඩ බලන පොලිස්පති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම අධිකරණ හමුවේ සලකා බැලූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඇති වූ එකඟත්වයක් අනුව පෙත්සම්කරු පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට තීරණය කර ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

ඊට දැඩි විරෝධය පළ කළ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ශවින්ද්‍ර වික්‍රම මහතා පෙත්සම ඉල්ලා ගැනීමට විරෝධතා පළ කිරීමට අවසර ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.අධිකරණයෙන් ඊට අවසර ලැබිණි.

තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුව බල රහිත කරන රිටි ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරම් ප්‍රනාන්දු දේව ගැතිවරයා විසින් මෙම රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත.



අදහස් (0)

ජෙරම් ප්‍රනාන්දුගේ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට නිතීපති විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site