IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොලිය ගැන අයවැයෙන් සලකා බලයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් වල පොලිය වැඩි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් මුදල් අමාත්‍යාංශය පියවරක් අනු ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ඒ ගැන මුදල් අමාත්‍යංශයේ සැලකිල්ල යොමු වනු ඇතැයිද බිමල් රත්නායක මහතා සඳහන් කළේය.

ජේෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී මුදල අඩු කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බිමල් රත්නායක මහතා මේ බව කීය.

එහිදී ගයන්ත කරුණාතිලක මහතා කීවේ ජාතික ජන බලවේගයේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථිර තැන්පත් පොලී අනුපාතය සාමාන්‍ය පොලී අනුපාතයට වඩා සියයට පහක් වැඩිපුර දෙන බවට සඳහන්ව තිබෙන බවයි.



අදහස් (3)

ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොලිය ගැන අයවැයෙන් සලකා බලයි

සම්පත් ඩයස් Tuesday, 17 December 2024 01:02 PM

මුං ඉතින් ප්‍රතිපත්ති ප්‍රකශනයේ තිබ්බ ඒව යෑ දැන් කරන්නේ. කයිය නායකලා.

:       12       6

Mahinda Tuesday, 17 December 2024 02:11 PM

අතිශය සතුටට කාරණයක්. සිය ජීවිතයේ සැදෑ සමය ගත කරනා අපට දරුවන්ට බරක් නොවී අතේ ඇතති සොච්චම් මුදලට යැපිය හැකි මුදලක් ලබා දුනහොත් ප්‍රමාණවත්. සෞඛ්‍ය හා ආහාර පාන ටිකට වියදම් කර ගෘරවනීය ලෙස ජේ‍්‍යෂ්ඨ පුරවැසියාට ජීවත්වීමට පරිසරය සකස්කිරීමට ගන්නා උත්සාහයට මුලු මහත් ජේ‍්‍යෂ්ඨ පුරවැසි ප්‍රජාවේ ප්‍රණාමය.

:       1       10

Hemantha Tuesday, 17 December 2024 04:02 PM

කයියෝ කියන්නේ නිකන්ද? කියපු දේවල් එකක්වත් කරන්නේ නැහැ.

:       8       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site