
ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වූ ප්‍රියත් ලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු බීබීසී සිංහල සේවයේ සහ සංදේශය වැඩසටහනේ හිටපු සංස්කාරකවරයෙකි.
ලන්ඩන්හි පිහිටි රෝහලකදී ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වන විට ඔහු 61 හැවිරිදි වියේ පසුවිය.
සිනමා කර්මාන්තයට ද සම්බන්ධ වී සිටි ලියනගේ මහතා “ඉර මැදියම” චිත්‍රටයේ තිර පිටපත් රචකයා ද විය.
ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමට ද ඔහු දායක වූ අතර ඔහු යටතේ පුහුණුව ලැබූ ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව සිය ගණනකි.
දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.
226
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කනගාටුදායක ආරංචියක්. ඔහුට නිවන්සුව ලැබේවා.