අමදෝරු අමරජීව
ආගමික ප්රචාරක කටයුතු වලට පැමිණි “තව්හීත් ජමාත් සංවිධානයේ“ යැයි පැවසෙන ඉන්දිය ජාතිකයන් 8 දෙනෙකු අද (29) කින්නියා නගරයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පිරිස මුතුර්, නෙයිදල් නගර්, තාරික් විදියේ නිවසක් කුලියට ගෙන රැදී සිට කින්නියා ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ මෙසේ පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
සැකකරුවන් සතුව කිසිදු අයෙකුට ගුවන් ගමන් බලපත්‍ර නොතිබුණු අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරිමේදි ප්‍රකාශ කර ඇත්තේ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් පිහිටි “මර්කස් ඉස්ලාමීය මධ්‍යස්ථානය“ හරහා ලංකාවට පැමිණි බවත් තමන් සතු ගුවන් ගමන් බලපත්‍ර එම මධ්‍යස්ථානය සතුව ඇති බවත්ය.
කින්නියා පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කපිල ගාල්ලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරික්ෂණ පැවැත්වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙ හරි කොනකින් අපේ රටට කෙලවන්න ඉන්දියාවේ ඔවුන් ඉන්නවා.. ඉස්සෙල්ලා ඔවුන්ටත් උදව් කළා. මොවුන්ටත් ඔවුන්මද දන්නේ නැහැ කිරිපොවන්නේ.. ලෝකෙටම පේන්න අපිට දැන්වූවා කිව්වට ඕකුන්ගේ සම්බන්ධයක් කොනක හරි අැති... එහෙ අගමැතිත් බලන්නේ හින්දු ඡන්ද ටික ඩැහැ ගන්නනේ...
යාපනේ ඉඳන් තමිල්නාඩුවට පාලමක් හදන්න සැලසුමක් ගේනවා නේද... කව්ද?
අප විශ්වාස කරනවා ඔයා නම් " කේරල ප්‍රාන්තයේ මලබාරි "අය.. ඔවුනුත් යන තැන වෙනකෙකුට ඉන්න බැරිවෙන විදියට වැඩකරනවා. ඔය කාලකන්නින්ව ලංකාවට එන්න විසාගන්න උදව්කරපු අයවත් හොඳින් සොයා බලන්න.
පීස් ටීවී තහනම් කරනු !
වත්තේ තියෙන පොල් ගෙඩිය නැති වුනත් පොලිසි දුවන අපේ අය නිකමටවත් මේ සැකකටයුතු පුද්ගලයන් දැක්කේ නැද්ද?