(ඉන්දිකා රාමනායක)
තවුහීත් ජමාත් ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ හා ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අයත් බැංකු ගිණුම් 41 ක් දැනට තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම බැංකු ගිණුම්වල රුපියල් කෝටි 14 1/2 මුදලක් තිබී ඇති බව අනාවරණය කරගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
මෙම ගිණුම්වලට අමතරව සැකකරුවන් සතුව තිබූ රුපියල් මිලියන 14 ක පමණ මුදලක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇති අතර ඒවා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම මුදලට අමතරව මෙම සැකකරුවන් සතුව ඇති රුපියල් බිලියන 7 ක වෙනත් වත්කම් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය සල්ලි වලින් කැඩුණු පල්ලි ටික හදලා දෙමු. ඉතුරු වුනොත් නැගෙනහිර පළාතේ පන්සල් අලුත්වැඩියා කරමු...
තහනම් කළාට කමක් නැහැ.. මහා බැංකුවට නම් දාන්න එපා. අන්තිමේ කොහෙන් ගියාද කියලා හොයන්න බැරිවෙනවා.
එම මුදල් ඔවුන්ට ලැබුණු මූලාශ්‍ර සොයා ඒවාද නවතා දැමීමට කටයුතු කරණු ඇතැයි විශ්වාස කරමු.
අසරණ ජිවිත බිලිදීලා සතුකරගත් මේ මුදල් කන්දරාව ඉන්න නඩේගෙනුත්, අලුතෙන් එන්න හදන නඩේගෙනුත් මෙය ආරක්ෂා කර ගන්න ඕනෑ. මේ මුදල් තැන්පත් නොකර හැකි ඉක්මණින් වකුගඩු රෝගීන් වෙනුවෙන්, පිලිකා රෝගීන්ගේ රෝහල් වෙනුවෙන් යොදවන්න කටයුතු කරන්න. නැතිනම් මළගිය අයගේ සොහොන් වලට... අකුණු සැර නොවදින කුළුණු සවිකරන්න...
වරදක් කළා නම් ඒ ගැන නීති මාර්ගයෙන් කටයුතු කරලා දඬුවම් දෙන්න ඕනෑ. මෙහෙම ඒ මිනිස්සු හම්බ කරපුවා උදුරගන්න එක මොන ලැජ්ජ නැති වැඩක්ද? එහෙම කළාම මේ මිනිස්සුන්ගේ පවුල්, ළමයි ජීවත් වෙන්නේ කොහොමද? මේ වගේ දේවලට නම් අනිවාර්යයෙන් ජාත්‍යන්තරව මැදිහත් විය යුතුමයි. හරිම අසාධාරණයි මේ වැඩේ.
මූලය විශුද්ධි කරන පනත යටතේ මේවා රැස්කළ බැංකුවලට එරෙහිව නීතිමය පියවර ගන්න. රහස්‍යතාවය රකිනවා කියා ඕනෙම බඩමාලුවක් බාරගන්නා බැංකුවලට පාඩමක් ඉගෙනගන්න.
මේ සල්ලිවලින්, බෝම්බවලින් මියගිය පවුල්වලට සහනයක් සලසුවා නම් හොඳ නැද්ද?
ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියල කපනවා වගේ මේ මිනීමරුවන්ගෙන් මේ විදියට තහනම් කරන සල්ලි වලින්, මොවුන්වම නැතිකරන්න, මොවුන් ඉන්න තැන් හොයන්න, නව තාක්ෂණික උපකරණ ගන්න, එ් තුළින් ඔවුන් හෙට දින නැවත නැගිටින්නට හිතනවා නම් දෙපාරක් මොළ සෝදා ගන්නට සිතනු ඇත...
අන්තිමට වෙන්නේ කොටි සංවිධානයේ අයත් කියූ රත්තරන්වලට සිදුවුණු දෙය තමයි. මුදලාලිලාගේ දේපළ රජයට ගන්න නීතියක් නැති රටේ ත්රස්තයින්ගේ මුදල් රාජසන්තක කරන්නේ කොහොමද?
මම නොවන මම... තමුන් ජාතියක්, ජම්මයක් නැති ගානයි.
මේ සල්ලි පිල්ලිය ගහන්න එදා නොදී විපතට පත් වූවන්ට දෙන්න මේ අපරාධකාරයන්ගේ වත්කම ඔක්කොම රාජසන්තක කරලා රටේ යහපතට යොදන්න. දැන්වත් ඡන්ද කෑදරකමට රට පාවාදෙන කාලකන්නි ක්‍රියාව අත්හරින්න.