IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ජිමී කාටර් සමුගනී

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජිමී කාටර් අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 100 කි.

කාටර් ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ 1977 සිට 1981 දක්වා කාලයේය. ජෝර්ජියාවේ, ප්ලේන්ස් පිහිටි සිය නිවසේ දී හිටපු ජනාධිපතිවරයා අවසන් සුසුම් හෙලූ බව පැවැසෙයි.

'අප හිටපු ජනාධිපති ජිමී කාටර් සමුගත්තා' යැයි කාටර්ගේ අභාවය පිළිබඳ පළමුවෙන් දැනුම් දීමක් කළේ ධවල මන්දිරයයි. ඒ එක්ස් පණිවුඩයක් මගිනි.

පසුගිය වසර දෙකක කාලයේ ජිමී කාටර් දැඩි ලෙස රෝගී වී සිටියේය. ඒ චර්ම පිළිකා රෝගී තත්ත්වයක් නිසාය. ඔහු වැඩි කාලයක් ගත කළේ රෝහල්වලය.

ඇමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපති ලෙස කාටර් නම් කෙරුණේ පසුගිය ඔක්තෝබරයේ ඔහු 100 වැනි උපන් දිනය සමරද්දීය.

කාටර් උපන්නේ 1924 ඔක්තෝබර් පළමු වැනිදාය. ඔහු නොබෙන් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූවෙකි. ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන කාටර් ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයාය. කාටර්ගේ බිරිඳ රොසලීන් 2023 දී දිවියෙන් සමුගත්තාය.

CNN



අදහස් (4)

ජිමී කාටර් සමුගනී

Lankaputha Monday, 30 December 2024 05:18 AM

අපේ අයටත් ඉක්මණින්ම එම ගමන යාමට ලැබේවා...! 

:       5       5

Shelton Monday, 30 December 2024 06:11 AM

ඉතාමත්ම ඉවසිලිවන්ත, කාරුණික සාමකාමී නායකයෙක්. එතුමාගේ කාලයේ තමයි ඉරානයේ බලය ඉස්ලාම් අන්තවාදී කොමෙයින් විසින් කොල්ල කා ඉරානයේ ඇමරිකන් තානාපති කාර්‍යාලය වටලා වසරකටත් වැඩිකාලයක් කාර්‍යාල මණ්ඩල සාමාජිකයින් හිරකර සිටියේ. ඒත් එතුමා කිසිම අයුරකින් බලය පාවිච්චි කළේ නෑ. එතුමාගෙන් පසු බලයට නාහෙට අහන්නේ නැති රොනල්ඩ් රීගන් එනවත් සමගම කොමේනිගේ ත්‍රස්තවාදීන් සියලුම ඇමරිකන් තානාපති නිලධාරීන් නිදහස් කළා.

:       4       5

රුවන් Monday, 30 December 2024 06:55 AM

එහේ අය නම් ධුරෙයෙන් විශ්‍රාම ගන්නවා අපේ ඈයෝ මැරිලත් බලයට පොර කනවා.

:       4       12

ගමේ එකාලා Monday, 30 December 2024 11:01 AM

හොර පෙරකදෝරුවත් සමහර විට යයිද දන්නේ නැහැ .තමුන්ගේ නෑයිනුත් එහෙ ඉන්න එකේ?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site