
(අංජුල මහික වීරරත්න)
ජපන් රජය විසින් අධිශීත (ෆීසර්) ට්‍රක් රථ 06ක් ලංකා ධීවර සංස්ථාව වෙත අද (10) නිල වශයෙන් ප්‍රදානය කරන ලදී.
ජපන් රජය සහ ශ්‍රී ලංකා රජය අතර පවතින ද්විපාර්ශ්වික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම ප්‍රදානය සිදුකළ බව ධීවර අමාත්‍යංශය කියයි.
ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වුණු අතර, එහිදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio ISOMATA මහතා එම ට්‍රක් රථ අමාත්‍යවරයාට බාර දුන්නේය.
මෙමඟින් මෙරට ධීවර නිෂ්පාදනවල ගුණාත්මකභාවය සුරකිමින් බෙදාහැරීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට අපේක්ෂිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕව නඩත්තුව ගැන නොබල පතුරුගහල පාවිච්චියට ගන්නේ නැතිව පිලිවෙලකට භාවිත කලොත් තෑග්ග දුන්න අයත් අපිත් සතුටට පත්වෙයි නේද?