
(යොහාන් භාසුර)
ශිෂ්‍ය සංගම් මර්දනය කිරීමට සහ කළමනාකරණ පීඨයේ සිසුන්ට පනවා ඇති අසාධාරණ පන්ති තහනමට විරෝධය දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (5) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වීය.
කොළඹ පුරහළ අසළින් සංවිධානය වූ විශ්වවිද්‍යාල සිසු සිසුවියෝ එතැන් සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසළට ගොස් විරෝධතාව පැවැත්වූහ.
එම පිරිස එම ස්ථානයේ පැයකට ආසන්න කාලයක් විරෝධතාව පවත්වා විසිර ගියහ.
එම විරෝධතාව වැලැක්වීම සඳහා කිසිඳු ආරක්‍ෂක අංශයක් හෝ කැරළි මර්දන කණ්ඩායම් කැඳවා නොතිබීම මෙහිදී කැපී පෙනුණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලගේ ආණ්ඩුව නේ. මම හිතුවේ මේ විරෝධතා කරන එකක් නෑ කියලා. අවිනය, අසංවරකම කියන නිදහසනේ ඕන කියන්නේ.
මේ අය පාරට දාන්න මේ වගේ... නැතිනම් මිනිස්සු බලයි දැන් කවුරුවත් උද්ඝෝෂණ කරන්නේ නැත්තේ ඇයි කියලා... ඒක පුනරුදයට හරිමදි...
කාලකණ්ණි හැමදාම ස්ට්‍රයික්... හදපු දෙමව්පියන් අමාරුවේ, ඉගෙන ගන්න ඕන ළමයින් අමාරුවේ. මේ අයට වියදම් කරන සල්ලි අපරාදෙ... ඕන දේටයි, එපා එකටයි.... හැම දේටම ස්ට්‍රයික්... ඕනම දෙයක් ඕනවට වැඩිය ඕනම නැත...