(අංජුල මහික වීරරත්න)

ජපානය හා රුමේනියා රැකියා සඳහා පළමු වරට විදේශගත වන ශ්‍රමිකයන් සඳහා පෙර 'විගමනික නම්නිකරණ" වැඩසටහනක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙහි ප්‍රථම පියවර ලෙස කාර්යාංශයේ පන්නිපිටිය පුහුණු මධ්‍යස්ථානයේදී මෙම වැඩසටහන සැප්තැම්බර් 01 සිට ආරම්භ කරන අතර,ඉදිරියේදී ප්‍රමාණය සලකා දිවයින පුරා පිහිටි කාර්යාංශයේ අනෙකුත් පුහුණු මධ්‍යස්ථාන වලද ආරම්භ කිරිමට නියමිතයි.

සැප්තැම්බර් 15 සිට රුමේනියාවේ හා ජපානයේ රැකියා සඳහා පළමුවරට විදේශ ගතවන ශ්‍රමිකයන් මෙම වැඩසටහනට සහභාගී වී තිබිම අනිවාර්ය වේ.එසේ නොමැතිව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගත නොහැකි බවද කාර්යාංශය සඳහන් කරයි.

නම්නීකරණ වැඩසටහන තුලින් එම රට වල සංස්කෘතිය, රැකියා ස්ථානයේ ආරක්ෂාව,මුදල් පරිහරණය,සෞඛ්‍ය යනාදීන් පිළිබඳව දැනුවත් කෙරේ.

නම්නීකරණ වැඩසටහන් සඳහා ලියාපදිංචි වීම දිවයින පුරා පිහිටි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශාඛා කාර්යාල මඟින් ලබා ගත හැකිය.