(අංජුල මහික වීරරත්න)

ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ඇරඹූ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.

ජපානයේ ශ්‍රී  ලංකා තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ජපාන සංචාරක නියෝජිත සංගමය (JATA) සමඟ එක්ව මෙම වැඩසටහන සංවිධාන කරයි.

ජපාන සංචාරක නියෝජිත සංගමයේ (JATA) 1300ක් පමණ වූ සාමාජිකයන් ශ්‍රී ලාංකික  සංචාරක නියෝජිතයන් සමඟ සම්බන්ධ කර මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙම වැඩසටහන පිළිබඳ පළමු වැඩමුළුව නොවැම්බර් 9 වැනිදා සූම් තාක්ෂණයෙන් පැවැත්වීමට නියමිත බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතා සඳහන් කළේය.

වැඩමුළුව ජපන් භාෂාවෙන් පැවැත්වෙන අතර ලංකාවෙි සංචාරක අකාර්ෂණය දිනාගත් ස්ථාන ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් මෙන්ම එම හෝටල් වල සංචාරකයන් දිරි ගන්වන මිල ගණන් දැක්වෙන වීඩියෝ ද මෙහිදී  ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම වැඩසටහනට සහාභාගී වීමට කැමති දේශීය සංචාරක නියෝජිත ආයතන  https://forms.gle/aRDQwWypXdGZwyrA6  ඔස්සේ ලියාපදිංචි විය හැකි බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.