
(අංජුල මහික වීරරත්න)
ජපානයට සාමය ලබාදීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා කළ මෙහෙවර අගයමින් ජපන් ජාතීහු ගුණසමරු උත්සවයක් පැවැත්වූහ.
ජපානයේ සාම ගිවිසුමට වසර 70 ක් පිරීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධාන කර තිබිණි .
1951 වසරේ සැප්තැම්බර් 4 වැනිදා ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවති සාම සමුළුවෙි දී එවකට ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍ය ජේ.ආර් ජයවර්ධන මහතා නහී වේරෙන වේරානී යන බුදු වදන මුල්කර ගනිමින් පැවැත්වූ දේශනයෙන් පසු ලෝකයේ බොහෝ රටවල් ජපානය සම්බන්ධයෙන් තිබූ වෛරය අත්හැර ගැනීම පිළිබඳව ජපන් ජාතීහු අදටත් ගෞරවයෙන් සිහිපත් කරති.
මෙම ගුණ සමරු වැඩසටහන ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දී පැවැත්විණි.
ජපානයේ රූපවාහිනී නාලිකා වලින් ද සජීවීව විකාශය වූ මෙම උත්සවය ආවරණය කිරීම සඳහා ප්‍රධාන ජපන් රූපවාහිනී නාලිකා මෙන්ම සියලුම මුද්‍රිත මාධ්‍ය සහභාගී වූ බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි. මෙම උත්සවයේදී 1951 වසරේ සැන් ප්‍රැන්සිස්කෝ සමුළුවේදී ජේ.ආර් ජයවර්ධන මහතා කළ කතාව නැවත කියවීම, ඊට අදාල ඡායාරූප සහ වීඩියෝ දර්ශන ප්‍රදර්ශනය කිරීම ද සිදුකෙරිණි.
මෙහිදි අදහස් දක්වමින් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකර මහතා පැවැසුයේ ජේ.ආර් ජයවර්ධන මහතා ස්වාධීන ජපානය යන සංකල්පය මුලින්ම සලකා බැලුවේ "කොළඹ සැලසුම් සම්මන්ත්‍රණයේ" දී බවයි.ඒ සම්බන්ධයෙන් ආසියා රටවල් සමඟ බොහෝ සාකච්ඡා හා හමුවීම් වලින් පසු ජයවර්ධන මහතා සැන් ප්‍රැන්සිස්කෝ කථාව සැකසූ ආකාරය ද ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකර මහතා විස්තර කළේය.
ශ්‍රී ලංකා-ජපාන ජනතාව අතර ශක්තිමත් බැඳීමක් ඇතිවීම සඳහා පොදු සාරධර්ම සංස්කෘතිය සහ බෞද්ධ ඉගැන්වීම් වලින් ලද පුරුදු ඉවහල් වී ඇති බව ද ගුණසේකර මහතා සඳහන් කළේය.
මෙම අනුස්මරණ උත්සවයට ජපාන රජයේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ හිටපු නියෝජිත යසුෂි අකාෂි,ජපානයේ හිටපු අගමැති යසුඕ ෆුකුඩා සහ ජපාන පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජපන් ලංකා මිත්‍රත්ව ලීගයේ මහලේකම් යූකෝ ඔබුචි මහත්ම මහත්මීහු ද අදහස් ප‍්‍රකාශ කළහ.ජේ.ආර් ජයවර්ධන මුණුපුරු ප්‍රදීප් ජයවර්ධන මහතා ද මෙම වැඩසටහනට කොළඹ ජයවර්ධන මධ්‍යස්ථානයේ සිට සජීවීව එක් වී අදහස් පළකර තිබෙි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොපමණ කාලගුණ දන්නා ජාතියක්ද.?
ජපානය ජේආර් සමරලා හැරෙන තැපැලෙන් ජපානෙට බෝම්බ දාපු අමෙරිකාවත් එක්කම එකතු වෙලා ලංකාවට අරියාදු කරන අමෙරිකාවට යටින් උදව් දෙනවා. මම නම් දකින්නේ මොන දියුණුවක් ලැබුවත් ජපානය කියන්නේ ආත්මයක් නැති රටක්. දශක ගානක් ගිහිල්ලත් තමන්ගේ රටට බැහැපු ආක්‍රමණිකයාව එලවගන්න බැහැ. දෙවන ලෝක යුද්ධෙ වෙලාවේ අමෙරිකාව සහ රුසියාව රටවල් ගනනාවක තමන්ගේ යුධ කදවුරු පටන්ගත්තා. රුසියාව ඒ හැම රටකින්ම වගේ අයින්වෙලා, නමුත් අමෙරිකාව තවමත් ජපානය, කොරියාව, ජර්මනිය වගේ රටවල පදියම් වෙලා ඉන්නේ. එලවගන්න බැහැ. කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවට තමයි.
කොහෙවත් ඉන්න චීනෙක් ලංකරගෙන රටම ඒ ණය උගුලේ දාලා
බැරිද ජේ. ආර්. පෙන්නලාවත් කීයක් හරි ණයට ගන්න මේ වෙලාවේ...
ජපන් ජාතිකයන්ගේ කෘතගුණ සැලකීම විශිෂ්ටය.
අපි සිංහල, අපිට කෙලෙහෙගුනේ නැහැ.
ජපන් ජාතිකයාගේ මනුස්සකමට හිසනමා ආචාර කරමි.
එයා ජපානේ ගොඩදැම්මා. අපිට කෙලෙව්වා...
ජේ ආර් කියන්නේ දැක්මක් තිබුන නායකයෙක්. එමෙන්ම සුවිශේෂ උපායමාර්ග භාවිතා කළා. වික්ටෝරියා ජලාශය සහ බලාගාරය හදන්න එංගලන්තයට ගියේ ණය ඉල්ලන්න. නමුත් ආපසු ආවේ ණය නොවන ආධාර අරන්.
ජේ ආර් ජපානෙට බණ කිව්වට අපිට හොඳම එකෙන් දීල ගියා. තාමත් බැරි උනා ගැටේ ලිහන්න. දැන් බෙල්ල හොඳටම හිර වෙලා. කාට හරි හොඳක් උන එක අගය කිරීම හොඳ දෙයක්.
මට පෙන්නේ අපේ අය සංවිධානය කරලා ජපනුන්ට එන්න කියලා වගේ.
ජපානේ 99% ක්ම ජේ ආර් මහතා ගැන දන්නවා.
ජපානය කෙරෙහි ඔහුගේ කාලෝචිත ක්‍රියාමාර්ගය ගැන අපි ආඩම්බර විය යුතුයි!
ඩොලර් ඉල්ලා ගන්න මේ අය සංවිධානය කරලා පෙන්වපු නාඩගමක්. දැන් ඔහොම මිනිස්සු එකතුකරන්න ජපන් වැසියන්ට පිස්සු නැහැ. ලොක්ඩවුන් එක මේ මාසේ 30 වෙනිදා තෙක් දික් කළා. සල්ලි හොයා ගන්න ඕනේ උනාම අපේ අයට මොන ජාවාරමක් හරි කරන එකයි මේකෙන් ගන්න ඕනේ පාඩම.
ජපානය යුද්ධ අපරාධ වලත් අංක 1
නිදහස් ලංකාවේ බිහිවුණු කෘතහස්ත දේශපාලඥයින් අතරින් ජේ.ආර්ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. ඔහු දර්ශනයක් සහිත නියම රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. රටේ පවතින බොහෝ දේවල් ඔහු කලා. ජේ.ආර් කවදාවත් හොරෙක් නෙවෙයි. ඒකම ඇති ඔහුගේ නම පවතින්න.
ජේආර් ට බැන බැන නැවත නැවතත් සම්මත කරගන්නේ ජේආර් ගේ ව්‍යවස්ථාව.