
(විමුක්ති එස් රුද්‍රිගු)
ජපන් ජාතිකයන් ආයෝජන වංචාවලට හසුකර ගැනීම සඳහා තොරතුරු තාක්ෂණ සමාගමක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකාවේ වංචනික සංවිධානයක් ජපන් බස කතා කළ හැකි ශ්‍රී ලාංකිකයන් බඳවා ගනිමින් සිටින බව ජපානයේ කියෝඩෝ පුවත් සේවය පෙරේදා (23) වාර්තා කළේය.
මෙම සංවිධානය කොළඹ සිට ක්‍රියාත්මක වන බවත් එහි සේවකයන් 100 කට අධික පිරිසක් සේවය කරන බවත් කියෝඩෝ පුවත් සේවය ප්‍රකාශ කළේය.
තොරතුරු තාක්ෂණ සමාගමක් යැයි පවසන එම සංවිධානයේ එකඳු ජපන් ජාතිකයකුවත් සේවය නොකරන බව ලැබී තිබෙන තොරතුරු අනුව අනාවරණය වී ඇතැයි කියෝඩෝ පුවත් සේවය පැවැසුවේය.
තොරතුරු තාක්ෂණ සමාගමක් යැයි පවස ගන්නා මෙම සමාගමේ කෙටි කළක් වැඩ කළ සේවකයකු අදාළ සමාගම පිළිබඳව කියෝඩෝ පුවත් සේවයට ලබාදුන් සම්මුඛ සාකච්ඡාවක් උපුටා දක්වමින් එම පුවත් සේවය මෙම ලිපිය පළ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙකක් නැහැ චීන්නුන්ගේ වැඩක් වෙන්න ඕනේ. ජපනුන්ට පිස්සු නැහැ තොරතුරු තාක්ෂණය වෙනත් රටවලට අලෙවි කරන්න.